ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ කර්මාන්තශාලාව සමඟ ඒකාබද්ධව S11 බලවේග කට්ටල දුම්රිය එන්ජින් සඳහා පුළුල් කාලීන නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබේ. රත්මලාන දුම්රිය වැඩපළේ පවතින සාමාන්ය මෙහෙයුම්වලට අමතරව මෙම නව සහයෝගීතා ව්යාපෘතිය ක්රියාත්මක වේ.
මෙම ඒකාබද්ධ ව්යාපෘතිය යටතේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුතු මාලිගාවත්ත දුම්රිය අංගනයේදී ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතා විසින් අද දින නිරීක්ෂණය කරන ලදී.
මෙම පුනරුත්ථාපන වැඩසටහනේදී දුම්රිය එන්ජිමේ පැරණි ෆයිබර්ග්ලාස් ඉදිරිපස කොටස ඉවත් කර, ඒ වෙනුවට නවීන, කල් පවතින මල නොබැඳෙන වානේ ව්යුහයක් සවි කිරීම සිදු කෙරේ. මෙම නඩත්තු කටයුතු කඩිනමින් අවසන් කර, අලුත්වැඩියා කරන ලද S11 දුම්රිය එන්ජිම ලබන ජනවාරි මාසය වන විට යළි ධාවන සේවයට එක් කිරීමට අපේක්ෂා කෙරේ. අන්තර් ආයතනික රජයේ සහයෝගීතාව හරහා දුම්රිය ප්රවාහන සේවාවන් වඩාත් විධිමත් හා ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.













