ළමුන්ගේ සෞඛ්යය සහ මාර්ගගත ආරක්ෂාව දැඩි ලෙස සැලකිල්ලට ගනිමින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය තහනම් කිරීමට ග්රීසිය බලධාරීන් පියවර ගෙන තිබේ. ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, ටික්ටොක්, ස්නැප්චැට් සහ ලින්ක්ඩ්ඉන් ඇතුළු ප්රධාන පෙළේ සමාජ මාධ්ය වේදිකා රැසක් සඳහා මෙම තහනම බලපැවැත්වෙන අතර, එය ලබන වසරේ මුල් භාගයේ සිට නිල වශයෙන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මීට අමතරව, ඕස්ට්රේලියාව සහ ප්රංශය ඇතුළු තවත් රටවල් කිහිපයක් ද බාලවයස්කාර දරුවන්ගේ මාර්ගගත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සමාජ මාධ්ය භාවිතය සීමා කිරීමට අදාළ නීතිමය ක්රියාමාර්ග ගෙන තිබේ.
















