ඉරානයට එරෙහි යුද්ධය සිය අටවන මසට ළඟා වෙමින් පවතින පසුබිමක සහ ඉන්ධන මිල ඉහළ යෑම අමෙරිකානු මධ්යකාලීන මැතිවරණයට බලපා ඇති අවස්ථාවක, වොෂින්ටනය විසින් ඉරානයට එරෙහිව තවත් හමුදා මෙහෙයුමක් දියත් කිරීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ. ෆ්ලොරිඩා හි පැවති ජන රැළියකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ “අපි තවත් කුඩා එපික් ෆියුරි (Epic Fury) මෙහෙයුමක් සිදු කරන්න පුළුවන්” යනුවෙනි. කෙසේ වෙතත් ඔහු ඒ පිළිබඳ වැඩිදුර විස්තර අනාවරණය කර නැත.
අමෙරිකානු හමුදාව විසින් ඉරානයට එරෙහි යුද්ධය සඳහා භාවිත කරන නම ‘Operation Epic Fury’ වන අතර, යුද්ධය ඉක්මනින් අවසන් කළ හැකි වුවද වොෂින්ටනය ඉක්මන් අවසානයක් අපේක්ෂා කළ යුතුද නැතහොත් ගැටුම ක්රමයෙන් නිම වීමට ඉඩ හැරිය යුතුද යන්න ප්රශ්න කරන බවද ට්රම්ප් පවසා තිබේ. මීට පෙර මධ්යකාලීන මැතිවරණයට පෙර ඉරානයට ප්රහාර එල්ල නොකරන බව ඔහු ප්රකාශ කර තිබුණි. මේ අතර, අමෙරිකානු-ඊශ්රායල ප්රහාර හේතුවෙන් ඉරානයේ සහ ලෙබනනයේ දහස් සංඛ්යාත පිරිසක් මිය ගොස් මිලියන සංඛ්යාත පිරිසක් විස්ථාපනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














