හෙරොයින් සහ අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගත් බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් මත්ද්රව්යවල වටිනාකම රුපියල් ලක්ෂ 75ක් පමණ වන බවට වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන පරිදි, තලවාකැලේ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි විවාහක කාන්තාවක සහ ඇය සමඟ සිටි පුද්ගලයකු ඌව පරණගම, අඹගස්දෝව ප්රදේශයේදී මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කොළඹින් මත්ද්රව්ය රැගෙන විත් ඌව පළාතේ බෙදාහැරීමේ ජාවාරමක නිරත වූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
වට්ස්ඇප් පණිවිඩ සහ ඊසි කෑෂ් ගෙවීම් භාවිත කරමින් ජාවාරම සිදු කළ බවටත්, කුලී ගමන් සේවා සපයන්නන් ලෙස පෙනී සිටිමින් විවිධ ප්රදේශවල මත්ද්රව්ය බෙදාහැර ඇති බවටත් පොලිසිය සඳහන් කරයි.
ජාවාරමට යොදාගත් යතුරුපැදි දෙකක්, ත්රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් සහ ජංගම දුරකථන 10ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. දුරකථනවල තිබූ ඡායාරූප සහ ස්ථාන තොරතුරු ද විමර්ශන සඳහා පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














