තරුණියකට ලිංගික හිරිහැර සිදු කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්රාදේශීය සභා මන්ත්රීවරයකු ලබන නොවැම්බර් 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකාර මන්ත්රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන 20 හැවිරිදි තරුණියක කළ පැමිණිල්ලකට අනුව පොතුහැර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත් උදුම්බරා දසනායක මහත්මිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
සැකකරු 2025 ප්රාදේශීය සභා මැතිවරණයෙන් පොල්ගහවෙල ප්රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්රීවරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














