එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් කිලෝග්රෑම් 500ක නත්තල් කේක් මිශ්රණයක් සකස් කිරීම නුවරඑළිය ග්රෙගරි වැව පරිශ්රයේදී ඔක්තෝබර් 23 වැනිදා සිදු කර තිබේ.
නුවරඑළිය අරලිය හෝටල් සමූහයට අයත් අරලිය ග්රීන් හිල්ස්, අරලිය ග්රීන් සිටි සහ අරලිය රෙඩ් යන හෝටල් තුනේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය සහ සූපවේදීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.
කේක් මිශ්රණය සකස් කිරීමේ අවස්ථාවට දෙස් විදෙස් සංචාරකයන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
අරලිය හෝටල් සමූහයේ සාමාන්යාධිකාරී දිනේෂ් ලොකුයද්දිගේ මහතා සඳහන් කළේ, මෙම කේක් මිශ්රණයෙන් සකස් කරන නත්තල් කේක් 2026 දෙසැම්බර් 24 වැනිදා මධ්යම රාත්රියේදී සංචාරකයන්ට රස බැලීමට අවස්ථාව සලසන බවයි.
හෝටල් සමූහයේ ප්රධාන සූපවේදී සංජු ප්රේමතුංග මහතාට අනුව, කේක් මිශ්රණය සඳහා බ්රැන්ඩි බෝතල් 18ක්, වයින් බෝතල් 10ක්, කජු, ආමන්ඩ්, සුල්තානා, රතු හා කොළ චෙරි, වියළි ඇප්රිකොට්, රටඉඳි සහ ඉඟුරු ඇතුළු අමුද්රව්ය වර්ග 25ක් යොදාගෙන තිබේ.














