මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම විෂය භාර සංවර්ධන නිලධාරිනියක රුපියල් 2,350,500ක අස්වැසුම ප්රතිලාභ මුදල් අයථා ලෙස ගිණුම්ගත කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කැබිතිගොල්ලෑව විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඔක්තෝබර් 20 වැනිදා අත්අඩංගුවට ගත් සැකකාරිය ඔක්තෝබර් 21 වැනිදා මැදවච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මියගිය සහ වයෝවෘද්ධ ප්රතිලාභීන්ට හිමිවිය යුතු මුදල් සැකකාරියගේ සහ ඇයගේ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මැදවච්චිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පරිගණක තාක්ෂණික අංශය විසින් මුලින්ම මෙම අක්රමිකතාව හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි මාසවලදී පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.














