අනුරාධපුර දිස්ත්රික්කයේ රඹෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තාමරහල්මිල්ලෑව ගම්මානයේ හකුරුපිටියාව වැවේ බැම්ම සහ සොරොව්ව ප්රතිසංස්කරණය කිරීමේ ව්යාපෘතිය සම්බන්ධයෙන් ගම්වාසීන් චෝදනා රැසක් එල්ල කර තිබේ.
වැව් බැම්ම ප්රතිසංස්කරණය කිරීම සහ කෘෂිකාර්මික මාර්ගයට පස් දමා බොරලු ඇතිරීම ඇතුළත් මෙම ව්යාපෘතිය සඳහා රුපියල් 14,927,837.50ක මුදලක් වෙන් කර ඇති බව ගම්වාසීහු පවසති. ව්යාපෘතිය ආරම්භ කර වසර එකහමාරකට ආසන්න කාලයක් ගතවී ඇතත් වැඩ කටයුතු නිසි වේගයකින් සිදු නොවන බවට ඔවුහු චෝදනා කරති.
ගම්වාසීන් පවසන්නේ මාර්ගයට දමන පස් සහ බොරලු වැසි ජලයෙන් සේදී යන බවත්, ඉදිකිරීම් සිදුවන ස්ථානවල ජලය රැඳීම හේතුවෙන් මාර්ගය මඩ වී ගමනාගමනයට බාධා ඇති වී තිබෙන බවත්ය. එමෙන්ම වැව් බැම්ම සහ කුඹුරු හා හේන් වෙත පිවිසීමට භාවිත කළ මාර්ගය ද නිසි ලෙස භාවිත කළ නොහැකි තත්ත්වයක පවතින බව ඔවුහු සඳහන් කරති.
ව්යාපෘතියේ ප්රගතිය සහ ඉදිකිරීම්වල ප්රමිතිය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.
















