බාර්සිලෝනා සහ රියල් මැඩ්රිඩ් අතර ඔක්තෝබර් 25 වැනිදා පැවැත්වීමට නියමිත සුප්රසිද්ධ *එල් ක්ලාසිකෝ* පාපන්දු තරගය රූපවාහිනියෙන් විකාශය කිරීම සඳහා කැමරා 40ක් දක්වා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.
ස්පාඤ්ඤ මාධ්ය වාර්තා උපුටා දක්වමින් අල් ජසීරා පවසන්නේ, බාර්සිලෝනා කණ්ඩායමේ ලැමීන් යමාල් සහ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ කිලියන් එම්බාපේගේ ක්රීඩා විලාසය විශේෂයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ද කැමරා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
මෙම විකාශන සැලැස්මට 4K අතිශය ඉහළ විභේදන රූප, මන්දගාමී නැවත දර්ශන සහ විවිධ කෝණවලින් ක්රීඩකයන්ගේ චලනයන් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණ ඇතුළත් වේ. තරගයේ විනිසුරු තීරණ සමාලෝචනය කිරීමේදී වීඩියෝ සහායක විනිසුරු (VAR) කණ්ඩායමට ද කැමරා ස්ථාන පිළිබඳ තොරතුරු වැදගත් වේ.
ස්පාඤ්ඤ ලා ලිගා තරගාවලියේ සාමාන්ය ඉහළ පෙළේ තරග සඳහා අවම වශයෙන් කැමරා 22ක් පමණ අවශ්ය වන අතර, එල් ක්ලාසිකෝ වැනි විශේෂ තරග සඳහා කැමරා 35ත් 40ත් අතර ප්රමාණයක් යොදා ගැනීමේ සැලැස්මක් පවතී.
කෙසේ වෙතත්, කැමරා සංඛ්යාව වැඩි කිරීමෙන් සෑම සිදුවීමක්ම පැහැදිලිව රූගත වන බව සහතික නොවේ. ඒ සඳහා කැමරා පිහිටුවන ස්ථාන, කාච යොමු වන දිශාව සහ සිදුවීම කැමරාවට පෙනෙන කෝණය ද බලපායි.
















