ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ (ICC) පිරිමි එක්දින කණ්ඩායම් ශ්රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඔක්තෝබර් 23 වනදා යාවත්කාලීන කළ නවතම ශ්රේණිගත කිරීම් අනුව ශ්රී ලංකාව තරග 41කදී ලකුණු 3,896ක් සහ ශ්රේණිගත කිරීමේ අගය 95ක් ලබාගෙන ඇත. මීට පෙර ඔක්තෝබර් 18 වනදා ශ්රී ලංකාව එම ශ්රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවිය.
එංගලන්තයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී ලැබූ ඓතිහාසික ජයග්රහණයෙන් අනතුරුව ශ්රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ශ්රේණිගත කිරීම්වල 94ක අගයක් සහිත ඇෆ්ගනිස්ථානය 7 වැනි ස්ථානයටත්, 93ක අගයක් සහිත එංගලන්තය 8 වැනි ස්ථානයටත් පත්ව ඇත.
ශ්රී ලංකාව එංගලන්තය ලබාදුන් ලකුණු 430ක ඉලක්කය සාර්ථකව හඹා ගොස් ජයගැනීමත් සමඟ පිරිමි එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම සාර්ථක ලකුණු හඹා යාම ද වාර්තා කළේය.
නවතම ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියාව පසුවන අතර, නවසීලන්තය දෙවැනි ස්ථානයේත්, දකුණු අප්රිකාව තෙවැනි ස්ථානයේත්, පාකිස්ථානය සිව්වැනි ස්ථානයේත්, ඔස්ට්රේලියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි.












