මැදපෙරදිග කලාපය ඇතුළු රටවල් කිහිපයක සිටින ඇමරිකානු නිලධාරීන් සහ පුරවැසියන් ඉලක්ක කරගැනීමේ උත්සාහ ඉරානය විසින් වැඩි කර ඇති බවට ඇමරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී ජේ ක්ලේටන් අනතුරු අඟවා තිබේ.
ඔක්තෝබර් 23 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වෙත යොමු කළ පණිවුඩයකින් ඔහු පෙන්වා දී ඇත්තේ, ඇමරිකානු පුරවැසියන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් ඇතැම් ප්‍රදේශවල දියුණු අදියරකට පැමිණ ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.
මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ඉරානයට සම්බන්ධ හූති සටන්කාමීන්ගේ ප්‍රහාර උත්සන්න වීමත් සමඟ සෞදි අරාබියේ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික සේවාවල කාර්ය මණ්ඩලය සීමා කිරීමට වොෂින්ටනය පියවර ගෙන ඇති පසුබිමකය.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට එල්ල වන ප්‍රහාර ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අතර, ඇමරිකාව ඉරානයට එරෙහිව යළි පුළුල් හමුදා ප්‍රහාර ආරම්භ කළහොත් වඩාත් දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ඉරානය සූදානම් වන බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.
කෙසේ වෙතත්, බුද්ධි අංශ අනතුරු ඇඟවීමේ නිශ්චිත ඉලක්ක, ප්‍රහාර සිදුවිය හැකි ස්ථාන හෝ ප්‍රහාරයක් ආසන්නයේ පවතින්නේද යන්න පිළිබඳ විස්තර සඳහන් කර නොමැත.
















