අපරාධ හා මත්ද්රව්ය නිවාරණය වෙනුවෙන් ශ්රී ලංකා පොලිසිය දිවයින පුරා ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වල 2026 ඔක්තෝබර් 27 වැනිදාට අදාළ වාර්තාව පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්රියාත්මක මෙම මෙහෙයුම් යටතේ එදින පුද්ගලයින් 26,959 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, සැකපිට පුද්ගලයින් 463 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධවලට සම්බන්ධ බවට සෘජුව හඳුනාගත් පුද්ගලයින් 13 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු මත පුද්ගලයින් 333 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන වැරදි සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලදී බීමත්ව රිය පැදවූ රියදුරන් 304 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් ද 4,819ක් වාර්තා වී තිබේ.
අපරාධ මැඩපැවැත්වීම, මත්ද්රව්ය නිවාරණය සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.
















