අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මොරටුව අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සහ අවශ්යතා පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (27) පස්වරුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එහිදී විනිසුරුවරුන්ට, නීතිඥවරුන්ට සහ අධිකරණයට පැමිණෙන මහජනතාවට අවශ්ය පහසුකම් පිළිබඳව අමාත්යවරයාගේ අවධානය යොමු වී ඇත.
මොරටුව දිසා අධිකරණයේ විනිසුරුවරයා සහ නීතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේදී අධිකරණයට අවශ්ය යටිතල පහසුකම් සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.
මොරටුව ප්රදේශයේ නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීම සම්බන්ධයෙන්ද එහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.
මොරටුව අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ඉෂාරා ලොකුපත්ම සහ ලේකම් නීතිඥ රොනාලි ලොකුබාලසූරිය යන මහත්මීන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.












