කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළෙන් අද (28) දහවල් 12.55ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 503 දරන ගුවන් යානයක්, පිටත්ව ගොස් සුළු වේලාවකින් කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.
A330 එයාර්බස් වර්ගයේ මෙම ගුවන් යානයේ මගීන් 269 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු ගමන් කර ඇති අතර, මගීන් අතර කුඩා දරුවන් සිව්දෙනෙකුද සිට ඇත.
ගුවන් යානය යළි කටුනායකට ගොඩබැස්වීමෙන් අනතුරුව එහි සිටි සියලුම මගීන් නිරුපද්රිතව ඉවත් කර ඔවුන්ට අවශ්ය සංග්රහ කටයුතු සැලසීමට ශ්රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
අනතුරුව මගීන් වෙනත් ගුවන් යානයකට යොමු කර ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපොළ බලා පිටත් කර හැරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
කුරුල්ලෙකු ගැටීමෙන් බලපෑමට ලක්වූ ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කර තිබේ.
















