• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සියත Mr. World වැඩසටහනට TVS සමාගමෙන් යතුරුපැදියක් දෙයි

8 June 2018
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරට ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා අත්වැලක් සැපයීමේ පියවරක් වශයෙන්, මෑතකදී දියත් කරන ලද ‘සියත Mr. World’ වැඩසටහනට අනුග‍්‍රාහක දායකත්වය ලබාදීම සඳහා TVS සමාගම ඉදිරිපත් විය. මෙම තරගයේ ජයග‍්‍රාහකයාට TVS යතුරුපැදි මාදිලි පෙළේ ඉහළම මාදිලිය වන Apache RTR 200 යතුරුපැදියක් පිරිනැමින.

මේ වෙනුවෙන් කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් භෝටලයේදි පැවති උත්සවයකදී TVS සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා විසින් Apache යතුරු පැදියක් Model Shop අධ්‍යක්ෂවරුන් වන සංගීතා වීරරත්න මහත්මිය සහ ධනංජය බණ්ඩාර මහතා වෙත පිරිනමන ලදි. එමෙන්ම මෙහිදී, ධාවන තරග ක්ෂේත‍්‍රයෙන් ආභාෂය ලබා නිර්මාණය කරන ලද Apache RTR 200 යතුරුපැදිය විශේෂයෙන් සැකසූ ට‍්‍රක් රථයක් මත තබා ප‍්‍රදර්ශනය කරන ලද අතර මින් ඉදිරියට මෙම Apache RTR 200 යතුරුපැදිය අදාළ තරගකරුවන්ගේ ගම් ප‍්‍රදේශ ඇතුළුව දිවයින පුරා සංචාරය කෙරින.

‘‘විවිධ දක්ෂතා හා කුසලතා වලින් පිරිපුන් තරුණයන් රාශියක් මෙම තරගයට සහභාගී වී සිටිනවා. මේ අතරින් හැම අතින්ම දක්ෂතා පෙන්නුම් කරන තරුණයෙකුට තරගයේ කිරුළ හිමි වේවි. තාරුණ්‍යයට සමීප සන්නාමයක් ලෙස මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට ලැබීම අපට විශාල සතුටක්. ශ‍්‍රී ලාංකික තාරුණ්‍යයට ජාත්‍යන්තර තලය සමග තරග කිරීමට අවශ්‍ය හැකියාවන් නොමඳව පිහිටා තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට අත්වැලක් වීම අපගේ යුතුකමක් කියා අප සිතුවා. තරගයට සහභාගී වී සිටින සියලූම දෙනාට සුභ ප‍්‍රාර්ථනා කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” TVS සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසී ය.

සියත Mr. World තරගයට විවිධ තරග ඉසව් රාශියක් ඇතුළත් විය. TVS සමාගම වෙනුවෙන්ම සංවිධානය කරනු ලැබු‘Extreme Challenge’ ’ ඉසව්ව මෙහි ප‍්‍රමුඛතම තරග ඉසව්ව විය. එහිදී TVS සන්නාමයේ වටිනාකම් වන ශක්තිය, ජවය සහ කණ්ඩායම් හැඟීම වැනි ගුණාංග තරගකරුවන් තුළ කොපමණ දුරකට පිහිටා ඇතිදැයි පරීක්ෂා කෙරින.

කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වුනු ‘Extreme Challenge’ඉසව්වේදී මෝටර් සයිකල් භාවිතයෙන් සිදුකරන ප‍්‍රදර්ශනාත්මක ධාවන ඉසව් කිහිපයක් පැවැත්වුනු අතර තරගකරුවන්ට නවතම Apache යතුරුපැදි ධාවනය කර අත්හදා බැලීමේ අවස්ථාවද හිමිවනු විය.

සියත Mr. World තරගයට සමගාමීව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ‘TVS Popular Mr. World’නමින් විශේෂ තරගයක් දියත් කිරීමටද TVS සමාගම කටයුතු කළේ ය. මෙහිදී රසික රසිකාවියන්ගේ ඡන්ද මගින් ජනප‍්‍රියම තරගකරුවන් 20 දෙනෙකු තෝරාගැනින. අවසන් මහා තරගය 2018 ජූනි 05 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විය.

‘‘ප‍්‍රධාන තරගයට සමගාමීව මෙසේ TVS Popular Siyatha Mr. World වැඩසටහනක් දියත් කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙහිදී රසික රසිකාවියන්ට ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම www.tvslanka.lk නිල වෙබ් අඩවිය තුළදීත් තමන්ගේ ප‍්‍රියතම තරගකරුවන් වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට භැකිවුනා. මින් ජයග‍්‍රණය ලැබු තරගකරුට Tvs – Apache යතුරුපැදියක් ත්‍යාග වශයෙන් හිමිවුනා.” TVS Lanka සමාගමේ අලෙවි සහ නව ව්‍යාපාර ප‍්‍රධානී උෂාන් විජේවර්ධන මහතා පැවසී ය.

තරගාවලිය තුළදී තරගකරුවන්ගේ ක‍්‍රීඩා හැකියාවන්, ශරීර සුවතාව මෙන්ම සාම්ප‍්‍රදායික විනෝදාංශ වලින් ඔබ්බට විහිදිණු කඳු නැගීම වැනි ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති උනන්දුව ආදිය පරීක්ෂාවට ලක්විය. තරගය අවසානයේ ජයග‍්‍රහණය හිමිකරගන්නා තරගකරුට ජාත්‍යන්තර ඵරග උදරකා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.

‘‘සියත Mr. World තරගයේදී අප තරගකරුවන් තුළින් අපේක්ෂා කරන ගුණාංග, Tvs සන්නාමයේ වටිනාකම් සමග බෙහෙවින් සමාන වන බව කියන්නට පුළුවන්. එම නිසා Tvs සමාගම මෙම තරගයට අනුග‍්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත් වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.” සංගීතා වීරරත්න මහත්මිය පැවසුවා ය.

බලය හා ජවය සොයන තරුණ පරපුර අතර එම යතුරුපැදි බෙහෙවින් ජනප‍්‍රිය වී ඇත. Apache මාදිලි පෙළේ ඉහළම මාදිලිය ලෙස සැලකෙන 200 RTR යතුරුපැදි මේ වනවිට මෙරට තරුණයන් අතර බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ.

ඉතාමත් ජනප‍්‍රිය රථවාහන සන්නාමයක් වන Tvs පුළුල් පරාසයක පැතිරුණු, අතිනවීන තාක්ෂණයෙන් යුත්, විශ්වාසදායී යතුරුපැදි සහ ස්කූටර් නිෂ්පාදනය කරන සමාගමකි. එම සමාගම, සුවිශේෂී වර්ණ, විශිෂ්ට ක‍්‍රියාකාරීත්වය සහ සම කළ නොහැකි ඉන්ධන පිරිමැස්ම වැනි විශේෂාංග රැසක් සහිත නිර්මාණශීලී සහ විශ්වාසදායක මාදිලි රැසක් නිපදවයි. එමෙන්ම පුළුල් ලෙස ව්‍යාප්ත වූ නියෝජිත ජාලයක් සහ අඛණ්ඩ අමතර කොටස් සැපයුමක් සමගින් ජනතාවට විශිෂ්ට අවියෙන් පසු සේවාවක් ලබාදීමට එම සමාගම කටයුතු කර ඇත

Post Views: 7
Previous Post

OPPO හි ඉහල තනතුරුවලට නව නිලධාරින් පත් කරයි

Next Post

පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved