• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

අනුරගේ 20 ට රටට හොඳ නැති බව විමල් කියයි

9 June 2018
in විදෙස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධර්මිෂ්ඨ සමාජයක්’ තොරොම්බල් කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන පාලනය අවසානයේ මේ රටේ තරුණ තරුණියන් 60,000 කට දිවි අහිමි කළ අයුරින් ‘ශිෂ්ඨත්වය’තොරොම්බල් කරමින් බෙදුම්වාදීන්ගේ උවමනාවට රැගෙන එන ‘20 වැනි සංශෝධනය’ද මෙරට එවැනි ඉරණමක් උදා කර දෙනු ඇති බව ජානිපෙ, නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (07)රටට හතුරැ 20 එපා’යන තේමාව යටතේ ‘රට රකින ජනපවුර’සංවිධානය විසින් පවත්වන ලද විරෝධතා ජන සමුළුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළ්ය.

නව ලිබරල්වාදය කියන්නේ සරලව ගතහොත් ලෝක බලවතුන්ගේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට ඒ ඒ ජාතික රාජ්‍යයන් තුළ පවතින බාධාවන් සියල්ල ඉවත් කර දී ඒ අභිලාෂයන් රිසි සේ ඉටු කරගැනීමට ඉඩකඩ හදා දීමයි. ජාතික රාජ්‍යයක් තුල ආර්ථිකමය, දේශපාලනමය වශයෙන් එසේ පවතින බාධාවන් ඉවත් කළ යුතුයි.

‘කළු සල්ලි ගලා ඒම’

ශ‍්‍රී ලංකාව තුළ ආර්ථිකමය වශයෙන් පවතින බාධාවන් ඉවත් කර ගැනීමට තමයි විනිමය පාලන පනත, සංශෝධනය වන්නේ විදේශ මුදල් ශ‍්‍රී ලංකාව තුළට ගෙන ඒමේදී සහ ආපසු රැුගෙන යාමේදී මහ බැංකුවට මෙතෙක් පැවති අධීක්ෂණය ඉවත් කර දීමයි එහිදී සිදුවූයේ. මේ සංශෝධනයට පෙර මහ බැංකු අධීක්ෂණයෙන් තොරව ශ‍්‍රී ලංකාවට විදෙස් මුදල් ප‍්‍රමාණයක් රැුගෙන ආ රවී කරුණානායක මහතාට නඩු පැවරුණු ආකාරය ඔබට මතක ඇති. දැන් ඒ බාධාව ඉවත් කර දී තිබෙනවා. අද ශ‍්‍රී ලංකාව කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරන තිප්පොළක් බවට පත්ව තිබෙනවා. මේ වනවිට කොටි සංවිධානය සතුව පැවැති කළු සල්ලි අරන් ඇවිත් ලයිකා මොබයිල් නැමති කුප‍්‍රකට සමාගම ඊ.ඒ.පී මාධ්‍ය ජාලය ඇතුලූ? සමූහ ව්‍යාපාරය මිලදී ගනිමින් සිටිනවා. විදේශිකයන් කළු සල්ලි ගෙන එන්නේ දේපළ මිලදී ගන්න. අපේ ආණ්ඩුව කාලයේ දේපළ මිලදී ගැනීමේදී විදේශිකයින්ට පනවා තිබූ 100% ක බද්ද අද ඉවත් කර තිබෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකාවට වැඩි වැඩියෙන් කළු සල්ලි එනවා. මෙසේ බාධාවන් ඉවත් කර දුන්නාම නවලිබරල්වාදයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තම ග‍්‍රහණයට ගත හැකියි.

‘න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන මීතොටමුල්ලක්’

පසුගියදා අත්සන් තැබූ ශ‍්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාව තුළට න්‍යෂ්ටික අපද්‍රව්‍ය පවා රැුගෙන ඒමට සිංගප්පූරුවට ඉඩකඩ ලබාදී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරන මීතොටමුල්ල බවට ශ‍්‍රී ලංකාව පත් වෙනවා. නවලිබරල්වාදයට ජාතික රාජ්‍ය ආර්ථිකය ග‍්‍රහණයට ගත්තාට මදි. ජාතික රාජ්‍යයක් ව්‍යුහාත්මකව අබල දුබල කරන්න ඕනෙ. ඒකට තමයි ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ රටවල් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න කීවේ. ජනතා විරෝධය නිසා එම කටයුත්ත දුර්මුඛ වී ඇති නිසයි, ඒ ශ‍්‍රී ලංකා රාජ්‍ය අබල දුබල කිරීමේ නව ලිබරල්වාදයේ ඊළඟ තුරුම්පුව ලෙස 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැුගෙන එන්නේ.

‘ජනාධිපති සංක‍්‍රාන්තික ලිංගිකකු වෙලා’

අනුර දිසානායකගේ 20වෙනි සංශෝධනයෙන් ජනාධිපති ධුරය අහෝසි කර නැහැ. මහා සංඝරත්නය හා ජනතාවගෙන් පැමිණි විරෝධතා නිසා නාමමාත‍්‍රික කීවට නාමමාත‍්‍රික නොවන ජනාධිපති ධූරයක් ඉතිරි කර තිබෙනවා. රටේ ජනතාවට ජනාධිපති තේරීමට තිබූ අවස්ථාව වන ජනාදිපතිවරණය අහෝසි කරන්න එයා යෝජනා කරල තිබෙනවා. රාජ්‍ය නායකයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා නොවුණාට මේ අනුරදි දිසානායක යෝජනා කරන ජනාධිපතිට විධායකයේ ප‍්‍රධානියා, සන්නද්ධ හමුදාවන්හි සේනාධි නායකයා යන දැනට තිබෙන නාමකරණ ඉතිරි කර තිබෙනවා. දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු නොවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද නොවන මේ ජනාධිපතිවරයා තෝරා පත් කරන්නේ අර අනුර දිසානායක පවසන ‘හරකුන්, කුකුළන් විදිහට විකිණෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ’ ඡුන්දයෙන්. අපි හිතමුකෝ අර්ජුන ඇලෝසියස් ට මේ ජනාධිපති ධුරය ලබා ගන්න හිතුණා කියලා. එහෙම නම් කලින් විදිහටම මන්ත‍්‍රීවරු 118ක් සල්ලි වලට ගත්තාම වැඬේ හරි. පසුගිය දිනවල කථාබහට ලක් වුණු තමන්ගේ උපන් දින සාදයට රුපියල් ලක්ෂ 275 ක් වියදම් කළ රූපලාවණ්‍ය ශිල්පියාටත් මේ වැඬේ කරගන්න පුළුවන් වේවි. රාජ්‍ය නායකයාත් නොවන, කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාත් නොවන මේ ජනාධිපතිට සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක ධුරය, සංහිඳියාවට අදාළ බලතල, පළාත් සභා පාලනය පිළිබඳ බලතල ඉතිරි කර තිබෙනවා. එතකොට මේ අනුර දිසානායක යෝජනා කරන ජනාධිපති හරියට සංක‍්‍රාන්තික ලිංගිකවගේ වෙනවා.

‘ජනාධිපති දුබල වන විට පලාත් ආන්ඩුකාරවරයා’

ඉහත කී ආකාරයේ ජනාධිපතිවරයෙකු හදලා එයාට පළාත් සභා පාලනය පිළිබඳ බලතල දුන්නාම මොකද වෙන්නේ? දැන් පළාත් ආණ්ඩුකාරවරයා භාවිතා කරන්නේ විධායක ජනාධිපතිවරයා ලබාදුන් විධායක බලය. දැන් මේ ආකාරයට ජනාධිපතිවරයා අබල දුබල කළාම පලාත් ආන්ඩුකාරවරයා ස්වභාවිකවම අබල දුබල අයෙක් වන්නේ නැද්ද? මෙමගින් පළාත්සභා බලවත් වෙන්නෙ නැද්ද? දැනටමත් විධායක බලය නිසි පරිදි පාවිච්චි නොකරන නිසා උතුරු පළාත් සභාව රජයේ මුදලින් සයිනයිට් කරල කා මිය ගිය පළමු කොටි ත‍්‍රස්තවාදියා සැමරීමට ස්මාරකයක් හදනවා. ඒ විදිහට මධ්‍යම රජය සමග පළාත් සභා ගැටුමකට එන විට මුදුන දුර්වල නම් මොකද වෙන්නේ? අපි දන්නවා, බෙදුම්වාදීන්ගේ උපාය වී ඇත්තේ ඒ ගැටුම තුළින් තම අභිලාෂයන් හරහා ගමන් කිරීම බව. දැන් උතුරු පළාත් සභාව ‘වවුනියාව දිස්ත‍්‍රික්කය තුල සිංහල ජනයා ව්‍යාප්ත වීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කාර්ය සාධක බලකායක්’ හදලා තිබෙනවා. පසුගිය දිනවල උතුරු පළාත් මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් නිල වශයෙන් ජනසංහාර සතියක් නම් කරල ලෝකයට කීවා ‘ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර තිබෙනවා. අපට නිදහස සහ ස්වාධීනත්වය අවශ්‍යයි’ කියා. මෙසේ ගැටුම හැදෙද්දී මුදුන හෙවත් මධ්‍ය දුර්වල කරලා පරිධිය බලවත් කිරිම සිදු කෙරෙන්නේ නව ලිබරල්වාදයේ උවමනාවටයි. මුදුන අවි රහිත කළ විට පරිධියෙන් එන ගැටුමට මුහුණ දෙන්නේ කෙසේද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මේ බෙලහීනකම් ඇතුළත් කිරීමට තමයි 20වැනි සංශෝධනය රැුගෙන එන්නේ. ශ‍්‍රී ලංකාව ව්‍යූහාත්මකව අබල දුබල කිරීම්ට තමයි බටහිර බලවතුන් රනිල් වික‍්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කෙරෙව්වේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඩැහැ ගනු ලැබුවේ. ආර්ථිකමය වශයෙන් බෙලහීන කරන ලද රට දේශපාලනමය වශයෙන් අනාගතයේයේ දී කැබලි කරණය කිරීම් දක්වා වූ න්‍යාය පත‍්‍රයකටයි 20වෙනි සංශෝධනය අදාල වන්නේ. විදේශ විනිමය පනත සංශෝධනය කරලා කළු සල්ලිවලට ඉඩකඩ හදලා දෙනවා වගේ, 20වෙනි සංශෝදනයෙන් ඉඩකඩ හදලා දෙන්නේ බෙදුම්වාදී අන්තවාදී උවමනාවට වැඩෙන්න මිස එය පාලනය කිරීමට නොවෙයි. 20 වෙනි සංශෝධනය ඉඩකඩ හැදෙන්නේ රට බෙදෙන පැත්තට මිස රට රැුකෙන පැත්තට නොවෙයි. බලන්න මේ 20වෙනි සංශෝධනයට පක්ෂ අය කවුද? කියා. ඇලෝසියස්ගෙන් චෙක්පත් ලබාගත් ගාමිණී වියන්ගොඩ, මේල් නර්ස් සමන් රත්නප‍්‍රිය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කරේ තියාගෙන ආපු ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න හා නීතිඥ ලාල් ඒ අතර සිටිනවා. මේ අය සහයක ඩැනිලා වෙන කොටම තේරෙන්න ඕනේ මේ වැඬේ ‘අප්සට් එකක්’ කියා. මේ ඩොලර් කාක්කන් ටික හැමදාම හිටගත්තේ රට වනසන පැත්තේ. මම ජනතාව විමුක්ති පෙරමුණේ ඉන්නකොට මේ අය ජවිපෙ ජාතිවාදී කියා විරුද්ධව හිටිය. අද ජවිපෙ අනුර කුමාර අතට ගියාම මේ අය ජවිපෙට පක්ෂයි. තමන්ට ඩොලර් පොම්පකරණ බටහිර හාම්පුතුන්ගේ න්‍යායපත‍්‍රයට විරුද්ධ දේකට මේ අය පක්ෂ වෙයිද? 20 කියන්නේ මේ අයගේ හාම්පුතාලට උවමනා දෙයක්. ඒ නිසයි ඔවුන්ගේ සහයෝගය ඊට ලැබෙන්නේ. ඔන්න බලන්න ජවිපෙ පොළා පැනීමේ ප‍්‍රමාණය.

‘රට විකාරයක් බවට පත් පත්කිරීම’

20වෙන වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වන්නේ නැහැ. ජනාධිපතිවරණය අහෝසි වෙනවා. ඒක ජනාධිපතිවරණය මළ ගෙයක් වගේ පේන රනිල් වික‍්‍රමසිංහට නම් හොඳයි. 2020 දෙසැම්බරයට ප‍්‍රථම පැවැත්විය යුතු ජනාධිපතිවරණයට අනුප‍්‍රාප්තිකයෙකු දැමීමට එකඟ වෙලයි රනිල් වික‍්‍රමසිංහ තවමත් එජාප නායකත්වයේ ඉන්නේ. දැන් සජිත්, අකිල, සාගල, මංගල වගේ අය බලා ඉන්නවා අනුප‍්‍රාප්තිකයා වෙන්න. නමුත් ජනාධිපතිවරණය අහෝසි වෙනවා නම් අනුප‍්‍රාප්තිකයෙකු උවමනා වන්නේ නැහැ. රනිල්ට සදාකාලිකවම නායකකමේ ඉන්න පුළුවන්. රාජ්‍ය නායකයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන විධායක අගමැතිවරයෙකු සහ සේනාධිනායකයා පළාත් සභා පාලනය, සංහිඳියාව ජනාධිපතිවරයෙකු පත් වූ පසු මේ රට පාලනය කළ හැකිද? මේක රටම විකාරයක් වෙන වැඩක්.

‘ජෙපි ලොජික්’

‘20වැනි සංශෝධනය ගෙන එන්නේ මේ රටේ ශිෂ්ඨත්වය හදන්න’ කියා අනුර දිසානායක කියනවා. ‘ජනතාවගේ ඡුන්දයෙන් ජනාධිපතිවරයෙකු පත් කරගැනීම අශිෂ්ටත්වයේ ව්‍යාපෘතියක්, අර්ජුන ඇලෝසියස් වැනි කෙනෙක් ජනාධිපති ලෙස තෝරා ගැනීම ශිෂ්ඨත්වයේ ප‍්‍රතිමූර්තියක් ’කියලයි මෙයා කියන්නේ. ඕවට කියන්නේ ‘ජෙපි ලොජික් ’ කියලයි මේක අනුර දිසානායකගෙන් ශිෂ්ටත්වය ඉගෙනගතයුතු රටක් ද? ලෝකයේ මුල්ම රෝහල තනපු, ලෝකයේ මුල්ම තට්ටුගොඩනැගිල්ල වන තට්ටුනවයක ලෝවාමහාපාය ගොඩනඟපු, ලොව මුල්ම සැත්කම් උපකරණ කට්ටලය හමුවුනු මේ රටට අනුර දිසානායකට ශිෂ්ටත්වය කියා දිය හැකි ද? එයාටනම් ශිෂ්ඨත්වයේ පාඩමක් කියා දිය යුතුව තිබෙනවා. බටහිර බලවතුන් ලිබියාවට ශිෂ්ඨත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ඒකාධිපතිවාදයෙන් තොර පාලනයක් ආදිය ලබාදීමට ආවා. අන්තිමේදී ශිෂ්ටත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක් නෙවෙයි ලිබියාව වැනසී ගියා. ශිෂ්ටත්වය නැමැති වචනය තොරම්බල් කරමින් එන මේ අය අපේ රට ඇදගෙන යන්නේ අශිෂ්ටත්වයේ පතුල වෙතයි. මේ වෙලාවේ මට මතකයට එන්නේ ධර්මිෂ්ඨ සමාජයක් හදන්න ආපු ජේ.ආර් ජයවර්ධනව. අවසානයේදී මේ රටේ තරුණ තරුණියන් 60,000ක් 70,000 දහසක් මහ ම`ග මිය ගිහින් තමයි එය අවසන් වුණේ. ශිෂ්ඨත්වය ගෙන ඒමට රැුගෙන එන 20වෙනි සංශෝධනය රටට එවැනි දෙයක් උරුම කරාවි කියලයි මට හිතෙන්නේ.
‘ආත්ම කේන්ද්‍රීය ගණන් බැලීම් එපා‘

මේ 20වෙන සංශෝදනයට අපි පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමි කරන්න ඕනේ. දැන් අපට 2/3 අහිමි කරවන එක පහසුයි. ඒ, අගමැතිට එරෙහිව විශ්වාසභංගය අවස්ථාවේදී එය පරදින බව දැන දැනම ඊට පක්ෂව ඡුන්දය දෙමින් විපක්ෂයේයේ අසුන්ගත් ශ‍්‍රිලනිප 16කණ්ඩායම නිසයි. මේ 16 කණ්ඩායම රනිල්ට වඩා සතුරු කණ්ඩායමක් ලෙස සලකන අය අප අතරෙත් ඉන්නවා. තමන්ගේ ආත්ම කේන්ද්‍රීය ගණන් බැලීම් අනුව තෝරන්න ගියොත් වරදිනවා. සිරිසේන මහත්තයටත් වැරදුනේ ඒ නිසයි. එයා රාජපක්ෂලා එක් අයෙකුගෙන් වැඩි දෙනෙකු සමග තිබූ ‘ඔරොප්පුව’ නිසයි එවැනි තීරණයක් ගත්තේ. ඒ නිසා අද සිරිසේන මහත්තයා තම ගමන දිගු කර ගන්න හිතන අයෙකුට වඩා තම ගමනාන්තය ගැන හිතන අයෙකු බවට පත්වෙලා තිබෙන බවයි මම දකින්නේ. ‘හාර්ට්’ එකෙන් විතරක් හිතලා දේශපාලනයේදී තීරණ ගත්තොත් ‘හාර්ට් ඇටෑක්’ හැදෙන්න පුළුවන්. මේ 16 තමයි අපට පාර්ලිමේන්තුවේ 2/3 නැති කරන්න තිබෙන ප‍්‍රධානම අවිය. 16 හරියට වැළඳගත්තොත් තමයි අපට ඉතිරි 05-06 ගලවගන්න පුළුවන්. අපි කැමති අකමැති අය ඉන්න පුළුවන් නමුත් අපිට ජාතික කේන්ද්‍රීයව ගණන් බලා අකමැති පුද්ගලයන් සම`ග සිටගන්න සිදුවන අවස්ථාවන් තිබෙනවා. අපි බලන්න ඕනේ රටට ජාතියට අපි ගන්න තීරණ වලින් සුගතියක් වෙනවද කියලයි. ඒ සුගතිය ඇති කළාට පස්සේ මේ 16 බුදු වුනත් මට කමක් නැහැ.

‘තක්කඩියෝ කවුද’

මේක අපි ප‍්‍රඥාවන්තව තීන්දු තීරණ ගන්න ඕන වෙලාවක්. අපි ප‍්‍රමාද වන මොහොතක් පාසාම මේ රණ්ඩුව අපේ රට නැවත ගොඩගත නොහැකි ප‍්‍රපාතයක් කරා රැුගෙන යනවා. රණවිරු දඩයමට පාර කපලා රටේ ජාතික ආරක්ෂාව දිනෙන් දින බිඳ වට්ටන කොට, ආර්ථිකය දිනෙන් දින බෙලහීන කරනකොට, නිහඬව ඉඳිමින් අපි ජනාධිපතිවරණයේදී ඒ ඔක්කොම බලා ගනිමු, කියා පැවසීම මම හිතන්නේ එක්තරා ආකාරයක තක්කඩික කමක් කියලයි. එච්චර කාලයක් නිහඬවව හිටියොත් ජනාධිපතිවරයකු පත් කරගෙන පාලනය කරන්න රටක් ඉතිරි වේවිද? කියන ප‍්‍රශ්නයයි අපි ඉදිරියේ තිබෙන්නේ.

‘මහින්දගේ ආණ්ඩුවක්’

ඒ නිසා අපි මේ ගමන වලක්වන්න ඕනෙ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 අහිමි කිරීම් පමණක් නොවෙයි, හැකි පළමු අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය තනතුරටට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව ඇතුළෙම අලූත් ආණ්ඩුවක් හදන්න ඕනේ. ඉන්පසුව ඒ ආණ්ඩුව භාරකාර න්‍යාය පත‍්‍රයක් ඇති ව ඉතිරි දුර ගමන් කරලා, ජනාධිපතිවරණය පවත්වලා, රටේ අස්ථාවරභාවය නතරකරලා ජාතිය නැවත හරි මග වෙත එන්න ඕනේ. ඒ භාරකාර ආණ්ඩුව රට හරිමඟට ගත හැකි ජනාධිපතිවරයෙක් පත් වන දිනය තෙක් වන වැඩ පිළිවෙලක් ජනතාව ඉදිරියේ තැබිය යුතුයි. ඒ සඳහා මේ 16 පමණක් නොව තවත් අය අපට අවශ්‍යයි. මේ විදිහට ගියොත් ජනාධිපතිවරයාගේ ආතතිය දිනෙන් දින වැඩිවෙනවා. එයට ඇත්තේද එකම විසදුමයි. මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවා එමඟින් රට හරි ම`ගට ගැනීමයි. එසේ කිරීමෙන් මේ රට මේ ‘අපාලිත’ තත්ත්වයෙන් ‘පාලිත’ තත්වයට පත් කරගත යුතු නැද්ද? රටකට දේශපාලන නායකයන් උවමනා රට අරාජික වන ආකාරය දෙස නිහඬව බලා සිටීමට නොවෙයි. රටක් නිවැරදි දිශාව වෙත රැුගෙන යාමටයි. ඒ අභියෝගය අද අපි ඉදිරියේ තිබෙනවා. ඒ අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමැති සුන්දර ලලනාව ඉදිරියේ තබාගෙන රාජ්‍යයේ මුදුන දුර්වල කරලා ප‍්‍රාන්ත පාලනය බලවත් කරන බෙදුම්වාදී ව්‍යස්ථා සංශෝධනය පරාජය කළ යුතුයි. එය අපි සියලූ දෙනා ඉදිරියේ තිබෙන අනුලංඝනීය වගකීමක්. හොරට නිදාගෙන ඉන්න අපට අයිතියක් නැහැ. රටත් ජාතියත් අවදි කොට විපත්තිදායක මේ රට එලියට ගැනීම් සඳහා අපි පෙරමුණ ගත යුතුයි.

මාතෘභූමියට ජයවේවා!

20වැනි ව්‍යවස්ථා සංශෝධනය උපන්ගෙයිම භංගවේවා !

Post Views: 1
Previous Post

රටේ කෘෂිකර්මය කොතැනද? – ඇමැති මහින්ද

Next Post

ශ්‍රී ලනිපය හැදූ එච්. ශ්‍රී නිශ්ශංකගේ අතීත කතාව

editor

editor

Next Post

ශ්‍රී ලනිපය හැදූ එච්. ශ්‍රී නිශ්ශංකගේ අතීත කතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved