• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවනයට ඇමැති අකිල පෙරමුණ ගනී

11 August 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බෞද්ධ දස සීලමාතාවන් සහ බෞද්ධ පරිසරයක අධ්‍යාපනය ලැබීමට කැමති කාන්තාවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන නිත්‍යානුකූලව ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පූජ්‍ය කිරම විමලජෝති නාහිමියන්ගේ ආරාධනයෙන් දෙකඳුවල දහම් පුහුණු භික්ෂුණී භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනය ලැබිය යුතු සියලු දෙනාට තමන්ට අභිමත පරිදි නිදහස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමත් ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසාදීමත් තමාගේ වගකීමක් බව සලකමින් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඒවා නීතිගත කිරීමට සහ එම ආයතන සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවයි.

මෙම බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල ගුරුවරුන් සඳහා වැටුප් ඇතුළු අනෙකුත් සියලු වරප්‍රසාද ලබාදීමට දඅමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බව ද හෙතෙම කියා සිටියේය. එසේම දස සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය සීලමාතාවන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළු පහසුකම් මෙන්ම එම ආයතනවල අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදි පැවසුවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම මත බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල ලබා දෙන අධ්‍යාපනය ගුණාත්මක මට්ටමකින් සහ විධිමත් ආයතනික ව්‍යුහයක් තුළ පවත්වාගෙන යාමේ අරමුණින් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන සම්බන්ධව සකස් කර ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුගිය ජුනි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතන නිත්‍යානුකූල ආයතනික ව්‍යුහයක් තුළ ස්ථාපිත කිරීම මෙරට බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ පුනර්ජීවනයට හේතුවක් වන අතරම දේශීය මෙන් ම විදේශීය කාන්තාවන් අතර ද බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමට අවස්ථාවක් ද වන බවයි. එසේම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට ජාතිය, ආගම, කුලය මෙන් ම ස්ත්‍රී පුරුෂභාවය බාධාවක් නොවිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළා.

මීට අමතරව මෙම වැඩපිළිවෙළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එසේම මෙම බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතනවල මුලික පිරිවෙන් 1 වන ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වීමට සහ ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වනු ලබන විභාග සඳහා පන්ති පැවැත්වීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා. මීට අමතරව බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනයක 5 වැනි ශ්‍රේණියේ පාඨමාලාව අවසානයේ දී විභාග කොමසාරිස්වරයා විසින් පවත්වනු ලබන මුලික පිරිවෙන් අවසාන විභාගයටත් ප්‍රාචීන පණ්ඩිත, ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාගවලට පෙනි සිටීමටත් අවස්ථාව ශිෂ්‍ය දස සීලමාතාවන්ට ලැබෙනවා.

මීට අමතරව බෞද්ධ දස සීල මාතාවන්ට සහ බෞද්ධ පරිසරයක අධ්‍යාපන ලැබීමට අපේක්ෂා කරන ගිහි ශිෂ්‍යාවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමටත් මේ මගින් අවස්ථාව සලසා දී ඇති අතර බෞද්ධ කාන්තාවන් පමණක් බෞද්ධ දස සීලමාතා අධ්‍යාපන ආයතනවල සීල මාතා ආචාර්යවරුන් වශයෙන් පත් කිරීමටත් මෙම සංදේශය මගින් යෝජනා කර තිබුණා.

මීට අමතරව මේ වන විට සසුනෝදය වැඩසටහන යටතේ පිරිවෙන් අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් ද විශාල කාර්යභාරයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ අතර පිරිවෙන් පුස්තකාල සඳහා රු.මි. 5 ක පොත් ලබාදීම, පැවති පුරප්පාඩු වෙනුවෙන් පරිවේණාචාර්ය පත්වීම් 700 කට අධික ප්‍රමාණයක් ලබා දීම මෙන්ම පරිවෙණාධිපති කාර්යාල සෑදීම සඳහා රු.මි. 70 ක ප්‍රතිපාදන ලබාදීම, පිරිවෙන් කාර්යාල උපකරණ සඳහා රු.මි. 5 ක් ලබා දීම ද සිදු කරනු ලැබුවා.

එසේම එක පිරිවෙනකට රු. 260,000 බැගින් පිරිවෙන් 485 ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට රු.මි. 200 ක් ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා එක් පිරිවෙනකට රුපියල් ලක්ෂ 9 ක් බැගින් පිරිවෙන් 112 ක් සඳහා ප්‍රතිපාදන ලබාදීම, පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනුම් කටයුතු සංවර්ධනය කරගැනීම සඳහා මිලියන 150ක් ලබා දීමට පියවර ගැනීම සහ පිරිවෙන් සඳහා ගණිත උපකරණ කට්ටල ලබා දීම ඇතුළු වැඩසටහන් රාශියක් සිදු කරනු ලැබුවා. මීට අමතරව සියලු පරිවේණාචාර්යවරුන් සඳහා ගුරු පුහුණු වැඩසටහන් පවත්වා ඔවුන් විෂය දැනුමෙන් යාවත්කාලීන කිරීමට පියවර ගත් අතර අලුතින් සකස් කළ පිරිවෙන් පෙළපොත් බෙදාහැරීමේ කටයුතු ද කඩිනමින් නිමකිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම පිරිවෙන් සඳහා අවශ්‍ය ගුරු අත්පොත් සකස් කිරීමේ කටයුතු ද ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව සකස් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

Post Views: 1
Previous Post

අගුනකොළ පැලැස්සේ තවත් වැව් හතරක් ප්‍රතිසංවර්ධනය කෙරේ

Next Post

මහින්දට යළි ජනපති වෙන්න බෑ – මහින්ද කියයි

editor

editor

Next Post

මහින්දට යළි ජනපති වෙන්න බෑ - මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved