27 April 2024
#දේශීය

මහින්දට යළි ජනපති වෙන්න බෑ – මහින්ද කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවතත් මේ රටේ ජනාධිපතිධුරයට පත්වීමට ඉඩක් නොමැති බවත් ලග ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අගුණකොළ පැවැති උත්සවයක් අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා “ අපේ රටේ ජනප්‍රිය දේශපාලනඥයා මහින්ද මහත්තයා වුනත්, එතුමාට නැවත මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. ඒක තමයි ඇත්ත. මොකද ව්‍යවස්ථාවට අනුවයි ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ. මීලග ජනාධිපති තනතුරට සුදුසුම අපේක්ෂකයා මෛත්‍රීපා සිරිසේන මැතිතුමා මිසක් වෙන කෙනෙක් නොවෙයි. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. දැන් එතුමා පොදු වස්තුවක්. ඒ නිසා කිසිවිටෙක එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා තීරණයට විරුද්ධවීමට හැකියාවක් නැහැ. සමහරු දැන් අපේ රටේ විවිධ ගැටළු නිර්මාණය කරන්නට උත්සාහ කරනවා. අද වැඩවර්ජනවලින් ජනතාව හෙම්බත් වෙලා ඉන්නේ. දුම්රිය රියදුරන්ගේ වර්ජනය ඉතාමත් මිලේච්ඡයි. ජනතාව පීඩාවට පත් කරලා වැඩි කර ගන්න පඩිවලින් කාලා ජීවත්වෙන්න පුලුවන්ද? අනික මේ කෝච්චිවල යන්නේ අපේ රටේම ඉන්න අහිංසක ජනතාව. පොහොසත් මිනිස්සු මේ දුම්රියවලවත්, බස් රථවලවත් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේ අහිංසක මිනිස්සු පීඩාවට පත් කරළා ලබන වෘත්තිය ජයග්‍රහනවලින් පලක් ඇත්දැයි “ අමාත්‍යවරයා විමසීය.

මෙහිදී කොස්පැළ බෙදා දීමද සිදු කළ අතර එම අවස්ථාවට මහජනතාව ද විශාල පිරිසක් සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *