• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රි පිල එජාපයට 

24 August 2018
in දේශීය
2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය හා පක්ෂ ගණනාවක් එක්ව පොදු අපේක්ෂකයා වශයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීමෙන් අනතුරුව පිහිටවු ජාතික ආණ්ඩුව මේ වන විට දේශපාලන වශයෙන් ගැටළු රැසකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය හා ප්‍රබලව සටන් වදින්නේ  මහින්ද පිල වීම හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පිල අසරණ තත්ත්වයකට මේවන විට පත්ව ඇති බව වාර්තා වනවා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පාර්ශවයේ පැවැති රහසිගත සාකච්ඡාවේදී මේ සම්බන්දයෙන් සාකච්ඡා වී ඇති බවත් එම සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු පවසා ඇත්තේ 16 කණ්ඩායමට වඩා තම කණ්ඩායම අවසනාවන්ත බවයි. ඒ ඔවුන්ට මහින්ද පාර්ශවයෙන් පිළිගැනීමක් ලැබී ඇති අතර තම කණ්ඩායමට එවැනි පිළිගැනීමක් නොමැති බවයි. 
 
මහින්ද හා එක්වීම 
 
එම රහසිගත සාකච්ඡාවේදී මෛත්‍රි පිල නොබෝ දිනකින් මහින්ද පිලට එක් නොවුනහොත් දේශපාලනය යම් කඩා වැටීමක් සිදුවනු ඇති බව ඔවුන් පවසා ඇත. මේ වන විට ජනතාව ගේ ආකර්ශනය දිනා ගැනීමට ආණ්ඩුවට හෝ විපක්ෂයට එක්වීමක් සිදු කළ යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත. මහින්ද රාජපක්ෂගේ සහෝදරයාගේ අවමංගල උත්සවයෙන් පසු අදාළ සාකච්ඡාව සිදු කිරීමට කටයුතු කිරීමට සුදානම් බව වාර්තා වේ. 
 
එජාපයට එක්වීම
 
කෙසේ වෙතත් එවැනි සාකච්ඡාවලදී මෛත්‍රි පිල මහින්ද පිලට එක්වීමක් නොවුනහොත් එක්සත් ජාතික පක්ෂයට එක්වනු හැර වෙන කිරීමට දෙයක් නොමැති බව මෛත්‍රි පිල පවසා ඇත.
 
යහපාලන රජය බලයට ගෙන ඒමට සහාය වු ප්‍රධාන දේශපාලඥයින් පවසා ඇත්තේ ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීමටනම් එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළ යුතු බවයි.
 
නැතිනම් විපක්ෂයට ගොස් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මහින්ද පිල මගීන් ඉදිරිපත් විය යුතු බවයි. නමුත් මෛත්‍රි පිලේ බොහො දෙනාගේ අදහස් වී ඇත්තේ නැවත මහින්ද පිලෙන් කැපිලි කෙටිලි වලට මුහුණ දීමට වඩා එක්සත් ජාතික පක්ෂයට එක්වීම වඩා සුදුසු බවයි.
 
Post Views: 16
Previous Post

මහින්ද හැමදාම රිංගන්න තමයි ට්‍රයි කළේ – ඇමැති සරත් කියයි

Next Post

පසුගිය කාලයේදී දේශපාලඥයින් ආගම ද ඉනිමඟක් කර ගත්තා – ඇමැති සජිත්

editor

editor

Next Post

පසුගිය කාලයේදී දේශපාලඥයින් ආගම ද ඉනිමඟක් කර ගත්තා - ඇමැති සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved