27 April 2024
#දේශීය

මහින්ද හැමදාම රිංගන්න තමයි ට්‍රයි කළේ – ඇමැති සරත් කියයි

මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනතා පැතුමට එරෙහි වන බවත්, ඔහු සැමදා දේශපාලන හිඩැස්වලින් රිංගා ඒමට උත්සහ කරන බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවකදීය.

2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් පොදු අපේක්ෂක ක්‍රමය ඉවත්කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

2020 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය පවා තනිව තරග වැදිය යුතු බවත්, දේශපාලන සංස්කෘතිය තුළ පොදු අපේක්ෂක සංකල්පය අතුගා දැමිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනතා අවශ්‍යතාව අනුව ව්‍යවස්ථාව වෙනස් කළ බවත්, එයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපතිධූරයට තරග කිරීමට නීතියේ සහය පැතීම කිසි විටෙකත් රට ගැන සිතා කරන ක්‍රියාවක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *