• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එදා තිබ්බ මැතිවරණ ක්‍රමය දුෂිතයි – ජනපති කියයි 

27 August 2018
in දේශීය

2015 ජනවාරි 08 වනදාට පෙර මේ රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් අවසන් කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ ගලධාරි හෝටලයේ පැවැත්වෙන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ සියලු මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඬ හා ස්වාධීන මැතිවරණ ලෙස පවත්වා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

2015 ජනවාරි 08 වන දාට පෙර රටේ පැවති මැතිවරණ ක‍්‍රමයේ තිබූ ඉතා දූෂිත තත්ත්වයන් මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඉතා අශීලාචාර අන්දමින් හැසිරුණු ආකාරය සහ රාජ්‍ය භාණ්ඩාගාරය මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් භාවිතා කරමින් මහජන දේපළ විනාශ කළ අන්දම ද සිහිපත් කළේය.

අද ශී‍්‍ර ලංකාව ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමක් තිබෙන රටක් මෙන්ම අධිකරණයේ අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය ශක්තිමත් කළ රටක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ආසියාතික රටවල නවතම වාර්තා අනුව ශ‍්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතිත්වය පිළිබඳ ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇති බව පෙන්වා දී තිබෙන බව ද සඳහන් කළේය.

පසුගිය වසර තුන හමාර තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා රජය ගත හැකි සෑම පියවරක්ම ගත් අතර, ජනතාවගේ නිදහස සහ මානව හිමිකම් ශක්තිමත් කිරීම සඳහා ද ගතයුතු සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගත් බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම දූෂණයෙන් තොර අපක්ෂපාතී නිදහස් සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට පූර්ණ බලතල ලබාදෙමින් එය ශක්තිමත් කළ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“ඩොනමෝර් කොමිසම් සභා ක‍්‍රමයේ සිට මැතිවරණ කොමිසම් සභාව දක්වා” කෘතිය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. නීතිපති ජයන්ත ජයසූරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය, පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, නිදහස් මාධ්‍ය සංසදයේ ආසියානු ජාලයේ නියෝජිත Damaso Magdualz යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

ජනපතිට ඇමැතිවරුන් විරුද්ධයි ! ජනතාව මඤ්ඤා වෙලා – විමල් කියයි

Next Post

පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ආරාධනා

editor

editor

Next Post

පතල් හා කැණීම් කර්මාන්තකරුවන්ට ආයෝජනය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved