• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

3 October 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාඨකයාගේ රුචිකත්වය කුමක්ද යන්න ජනමාධ්‍යවේදියා වටහා ගත්තත්, ඔහුට සැමවිටම මාධ්‍ය ආයතනයේ රාමුව තුළ කොටුවීමට සිදුවීමට සිදුවන නමුත් මාධ්‍යවේදියා සෑම විටම කටයුතු කළ යුත්තේ සමාජ ආරක්ෂකයෙක් වශයෙන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පස්වරුවේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති බලශක්ති මාධ්‍ය සම්මාන එළිදැක්වීම 2019 උත්සව අවස්ථාවට සහභාගි වෙමින්. දිවයිනේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් සුනිත්‍ය බලශක්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා ඉටුකළ සහ ඉටු කෙරෙන මෙහෙවර ඇගයීම වෙනුවෙන් මෙම බලශක්ති සම්මාන පිරිනැමීමට ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදහස් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා “අපේ රටේ බලශක්ති පරිභෝජනයේදී 10% – 12% අතර ප‍්‍රමාණයක අපතේ යාමක් සිදුවෙනවා. මෙසේ සිදුවීමට ප‍්‍රධාන හේතුව තමයි පාරිභෝගික ජනතාවගේ නොදැනුවත්කම. මෙම ගැටළුව විසදිය හැකි එකම ක‍්‍රමය තමයි, ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම. ඒ සඳහා යොදාගත හැකි සුදුසුම ක‍්‍රමවේදය තමයි ජනමාධ්‍ය. මෙහිදී මාධ්‍යවේදියා සතු කාර්යබාරය ඉතාමත් සුවිශාලයි. එවන් සුවිශාල කර්තව්‍යයක් සිදුකරන මාධ්‍යවේදියා සහ මාධ්‍ය ආයතන නිසි ඇගයීමට ලක්කිරීමට තමයි අපි මේ සැරසෙන්නේ. සම්මානයට, අභිපේ‍්‍රරණයට අපි කව්රුත් කැමතියි. එසේ සම්මානයට පාත‍්‍රවීමෙන් අදාළ පුද්ගලයා විසින් ඉටුකරන කාර්යය, තවත් සාර්ථකව ඉටුකරන්න ඔහු පෙළඹෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ සමාජ ආරක්ෂකයා ඇගයීමට ලක්කරන්න මේ වගේ බලශක්ති මාධ්‍ය සම්මානයක් සකස් කළේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස, විදුලිබල හා පුනර්ජනිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූහ

Post Views: 5
Previous Post

මීලඟ ජනාධිපති අපේක්ෂක……. පාඨලිද ?

Next Post

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය

editor

editor

Next Post

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි - ජනපති මාධ්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved