• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතිවාදය පිටු දැකීම සහ විධායක ජනපති ධූරය අහෝසි කරමු – කථානායක 

28 December 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යළි තැන තැන ජාතිවාදය සහ ආගම්වාදය දේශපාලන මුහුණුවරින් කරළියට පැමිණීමට උත්සාහ කරන බව දක්නට ඇති බැවින් යළිත් උතුරත්, දකුණත් ඇවිලවීමට පටු දේශපාලන උවමනාවන්ට ඉඩ නොතබා නව වසරේ ජාතිවාදය හා ආගම්වාදය පිටුදැකීමට මුල් වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා සර්ව ආගමික සමුළුවෙන් ඉල්ලා සිටි.

පන්සල හා ආගමික සිද්ධස්ථාන මුල් කර ගනිමින් ජාතිවාදය පැතිරවීමට දේශපාලනඥයන්ට ඉඩ නොතබන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

පසුගිය 26 වනදා දින කථානායක නිල නිවසේ දී සර්ව ආගමික සමුළුවේ ප්‍රධාන නියෝජිතයන් සමග පැවැති විශේෂ හමුවක දී මෙම ආයාචනය කළ කරු ජයසූරිය මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසි ලෙසකින්වත් දරා ගත නොහැකි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ද දිගු කලක් තිස්සේ සමාජයෙන් නැ‍ගෙන බලවත් මහජන හඬ‍‍ට සර්ව ආගමික සමුළුවේ නායකත්වය සහ මඟ පෙන්වීම ලබා දෙන ලෙසය.

තමා දේශපාලනයට ප්‍රවේශ වූ දා සිටම යහපාලනය, සාරධර්ම වෙනුවෙන් පෙනී සිටි ලෙසම විධායක ජනපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් ද පෙනී සිටි බව සඳහන් කළ කථානායකවරයා අපකීර්තිමත් වයඹ ඡන්දයෙන් පසුව 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් කැප වූයේ ඒ උදෙසා බව ද සඳහන් කළේය.

සර්ව ආගමික සමුළුව සැමවිටම දේශපාලනයෙන් තොරව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වූ බව සිහිපත් කළ කරු ජයසූරිය මහතා රට තුළ ගොඩ නැගෙමින් පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒකාධිපතීත්වයට විරුද්ධව සමාජය පෙළ ගැස්වූ බලවත්ම චරිතය මාදුළුවාවේ සෝභිත නාහිමියන් බව ද සිහිපත් කළේය.

එම සමාජ පෙළ ගැස්වීමට අවශ්‍ය වූයේ පොදු අපේක්ෂකයෙක් ලෙස පුද්ගලයෙක් ගෙනවිත් නැවත ජනපති ධූරයක් ස්ථාපිත කිරීම නොව, පොදු ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරවා විධායක ජනාධිපති ධූරය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය බල ගැන්වීම බව ද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම , තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය විශිෂ්ඨ අන්දමින් තහවුරු කිරීම වැනි බොහෝ ජයග්‍රහණ ගෙවුණු කෙටි කාලය තුල දිනා ගැනීමට හැකි වුවද විධායක ජනපති ධූරය අහෝසි කිරිමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකිවීම කණගාටුවක් බවද කථානායකවරයා පැවසිය.

මෙහිදී පසුගිය කාලය තුල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිදාමය පිළිබඳව සර්වාගමික නියෝජිතයන් හමුවේ කරුණු පැහැදිලි කල කථානායකවරයා “පසුගිය පළාත් පාලන මැතිවරණය ආරම්භවීමත් සමඟ ජනපති තුමා සහ අගමැතිතුමා අතර විශ්වාසය බිදීයාම ආරම්භ වුනා. මෙහි අයහපත් ප්‍රතිඵලය මා කල්තියා වටහාගත් නිසාම හැකි සැමවිටකම සංහිඳියාවක් ඇති කිරීමට දිගින් දිගටම මැදහත් වූනා. මා වෙත අගමැති ධූරය පිරිනැමීමට තමාට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ බවත් ජනපතිතුමා පැවසූවේ ඇත්ත. නමුත්, අප එදා ජනවරමක් ඉල්ලා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ලෙස පත්වීමටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධූරයට පත්වීමටත්. එම ජනවරමට පිටින් ගොස් ධූරයක් භාර ගැනීමට මට අවශ්‍ය වූයේ නැහැ.

ඔක්තෝම්බර් 26 වෙනි දා සිදු වූ අනපේක්ෂිත බල පෙරළියෙන් පසුව 27 වනදාම ‍මම ජනපතිතුමා හමු වුනා.

එතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ නව අගමැතිවරයාට අවශ්‍ය පහසුකම් සලසන ලෙස එතුමා ‍මගෙන් ඉල්ලා සිටියා. ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීම කළ හැකි නමුත් නව රජයට හිමි බහුතරය දින 07 ක් තුළ පෙන්වා ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්මයන් සුරකින ලෙසත් මා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.

එතුමා එයට එකඟ වෙමින් වි‍ටෙක නොවැම්බර් 05 දින පාර්ලිමේන්තුව කැඳවන බවට ප්‍රකාශ කළා. පසුව ප්‍රායෝගික අපහසුතා මත එය නොවැම්බර් 07 ලෙස එතුමා‍ වෙනස් කළා.

නමුත්, කවර හෝ හේතුවක් නිසා එම දින දෙකම පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු වූයේ නැහැ. මේ අතර, ස්ථාපිත කළ නව රජයට විරුද්ධව මන්ත්‍රීවරු 117 දෙනෙකු අත්සන් කළ ලිපියක් මා වෙත ලැබුනා. එහිදී බහුතර මතයට සවන්දීම මවිසින් පැහැර හැරිය නොහැකි කටයුත්තක් වුනා.

නමුත් පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට දිගින් දිගටම බාධා සිදු කළ ආකාරය කාටත් පැහැදිලිව දැක ගත හැකි වුනා. මේ අතර, මන්ත්‍රීවරු ඇදහිය නොහැකි තරම් මුදලට මිලදී ගැනීම් සිදු වුනා. කථානායකවරයා ලෙස මා වෙත විශාල අභියෝගයක් තිබුනා. බහුතර මතයට ජය ගන්න ඉඩ දෙනවද , බලහත්කාරකමට ජය ගන්න ඉඩ දෙනවද කියන එක ගැන.

කිසි ලෙසකින්වත් බලහත්කාරකමට ඉඩ නොදිය යුතු බව මම තීරණය කළා. එහි අවදානම මම දැන සිටියා. සභා ගර්භයේදීම වෙඩි තියන බවට, ඇසිඩ් ප්‍රහාර එල්ල කරන බවට තර්ජන ආවා. මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ අභියෝගය, එම අවධානම නොගත්තා නම් කීර්තිමත් ඉතිහාසයක් ඇති අපේ පාර්ලිමේන්තු ක්‍රමය ඉතා අඳුරු යුගයකට යා හැකිව තිබුණා.

ගෙවුණු මාස දෙකක කාලය අවසානයේ ජයග්‍රහණය කළේ කවුද කියන එක වැදගත් නැහැ. මොකද ඒ කාලය තුල රට විශාල පරාජයක් ලැබුවා.

සංචාරක කර්මාන්තයේ ‍ලෝකයේ අපට හිමිවෙමින් තිබූ අග්‍රගන්‍ය තත්වය බිඳවැටුනා. ඇමරිකානු සහස්‍ර සංවර්ධන අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොනෝරේල් ව්‍යාපෘතිය සඳහා ලැබීමට තිබූ ජපන් ආධාර ආපසු හැරෙන තත්වයක් නිර්මාණය වුනා.

ලෝකයටම පූර්වාදර්ශ දුන් අපේ පාර්ලිමේන්තුවේ ගෞරවයට විශාල කැළලක් ඇති වුනා.

නමුත්, මෙහි සුභාවාදී ප්‍රතිඵලත් මා දකිනවා. අපේ අධිකරණයේ ස්වාධිනත්වය පිළිබඳව ලෝකය පුරාම විශාල කීර්තියක් පැතිර ගියා. මෙතැන් සිට ජාත්‍යන්තර විනිසුරන් අපේ රටට මැදහත් වීම පිලිබඳව ලෝකය කතා කරන එකක් නැහැ. එතරම්ම අපක්ෂපාත ස්වාධීන අධිකරණයක් අපට තිබන බව තහවුරු වුනා.

එමෙන්ම දේශපාලන බලහත්කාරකම් තව දුරටත් මේ රට තුළ යතාර්ථයක් බවට පත් කර ගත නොහැකි බව පැහැදිලිවම තේරුම් ගැනීමට හැකි වුනා. මින් ඉදිරියට කිසිදු නායකයෙකුට වැරදි දේ කළ නොහැකි බවට තහවුරු වුනා.

පාර්ලිමේන්තු විපක්ෂ නායක ධූරය පිලිබඳව ද කරුණු පැහැදිලි කළ කථානායකවරයා සඳහන් කළේ ආර්.සම්බන්දන් මහතා සැමවිටම පරිණත ගෞරවනීය නායකයෙකු ලෙස රට වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු බවයි.

නමුත්, ස්ථාවර නියෝග අනුව කටයුතු කරමින් විපක්ෂ නායක ධූරය පිළිබඳව සිය තීරණය ප්‍රකාශයට පත් කළ බව ද පෙන්වා දුන් කරු ජයසූරිය මහතා පැවසූවේ යම් පුද්ගලයෙකුගේ පක්ෂ සාමාජිකත්වය තිබේද නැත් ද යන කරුණ අධිකරණය තීරණය කළ යුතු අතර, ඊට කථානායක ලෙස තමා මැදහත් වීමට අවශ්‍ය නොවන බවයි.

මෙහිදී සර්වආගමික සමුළු නියෝජිතයන් කථානායකවරයාගෙන් පොදු ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ දේශපාලනයේ යම් සංහිදියාවක් දක්නට ලැබුණ ද තවමත් ප්‍රධාන බල කේන්ද්‍රයන් දෙකක් වන ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ තීරණ අතර පවතින යම් යම් පරස්පරතා රටට හානිකර බැවින් ඒ පිලිබදව මැදහත් වී ක්‍රියා කරන ලෙසයි.

සර්වාගමික සමුළුව නියෝජනය කරමින් මෙම හමුවට අමරපුර මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක නාහිමි, තීනියාවල පාලිත නායක හිමි, ශ්‍රී වෛදේශ්වර කුරුක්කල්තුමන්, ඉබර්නීසර් ජෝශප් පියතුමන්, සර්ව ආගමික සමුළුවේ මහා භාණ්ඩාගරික ෂර්ලි තිසේරා මහතා, දුලිප් ද චිකේරා රදගරුතුමන්, ලියෝෆෝල් රත්නසේකර පියතුමන්, සර්ව ආගමික සමුළුවේ විධායක කමිටු සාමාජික ජාවිඩ් යූසුෆ් මහතා ඇතුළු සර්වආගමික නියෝජිතයන් රැසක් එක් වූහ.

 

Post Views: 2
Previous Post

අපි නිහඩව සේවය කළේ – ඇමැති පාඨලි

Next Post

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා – ඇමැති රවී

editor

editor

Next Post

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා - ඇමැති රවී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
චිකුන්ගුන්යා  ගැන දැනගමු

චිකුන්ගුන්යා ගැන දැනගමු

29 May 2025

Recent News

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

PCR පරීක්ෂණ පහසුකම් සූදානමින්

29 May 2025
චිකුන්ගුන්යා  ගැන දැනගමු

චිකුන්ගුන්යා ගැන දැනගමු

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved