වසර විස්සකටත් වැඩිකාලයක් අනාථ කඳවුරුවල ජීවත්වුනු ජනතාවට ඇතැම් පිරිස් කෙනෙහෙලිකම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කල්මුනේ පැවැති 24 වන වරටත් සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යවේදී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින්.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” වසර ගනනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑ මේ නැගෙනහිර පලාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එලෙව්වා.ඔවුන් අනාථකදවුරුවල ගොඩාක් දුක් වින්දා.එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට.ඔවුන් මේ ප්රශ්නයේදී මුලු රටක්ම ගිනිතියන්න හදන්නේ.එදා මේ ජනතාව හමුදාවට විරුද්ද වෙලා ත්රස්තවාදීන්ගේ පැත්ත ගත්තනම් මේ රට අද මේ තරම් සාමකාමී නොවෙන්න තිබ්බා.අද මේ විල්පත්තුව ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදන පිරිසගෙන් මම අහන්නනේ මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා.
දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා.විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාල ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ.මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා.අද මෙතන ඉන්න මාධ්‍ය සගයන්ගෙන් මම ඉල්ලනවා ඔයාලා විල්පත්තුවට යන්න එහේ ජනතාව මුණ ගැසෙන්න ,කතා බහ කරන්න ,එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ ජාතිවාදී කල්ලි විලාප දෙන්නෙ බොරුවට කියලා. යැයි අමාත්‍යවරයා පැවසිය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,අමීර් අලී ,අබ්දුල්ලා මහරුෆ් ඇතුලු ආරාධිතයින් පිරිසක් සහභාගී විය.