• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට යවන්න ඉඩ දෙන්නේ නෑ – ඇමැති පාඨලි

3 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආගමික අන්තවාදීන්ට රට නැවතත් අතීතයට, මධ්‍යතන යුගයට ඇදගෙන යන්න ඉඩ නොදෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික මග මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කළ ‘රට රකින – රට හදන’ තේමාව යටතේ රට තුළ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කෙරෙන විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ඒ වගේම අපි මේ කුමන්ත‍්‍රණ කතා, මේක පිටුපස රජයේ අසුවල් කුමන්ත‍්‍රණය තිබෙනවා කියලා සතුරා හඳුනාගැනීමෙන් වලක්වාලීමට කරන විවිධ ක්‍රියාදාමයන් තිබෙනවා. කොටින්ම සතුරාට බුර්කාව පළන්දවලා වෙන සතුරෝ පෙන්වන ක්‍රියාදාමයෙන් අපි අයින් වෙලා සතුරා හරියට අපි හඳුනාගත යුතුයි. ඔහුට වෙස්මුහුණු පැළඳවීමට ඉඩදිය යුතු නැහැ. ඒ වගේම විවිධ දර්ශන, සමාජ දේශපාලන විග‍්‍රහ කරලා මේ ප‍්‍රශ්ණය යට ගහන්න හොඳ නැහැ, සුදු හුණු ගාන්න හොඳ නැහැ මේ ත‍්‍රස්තවාදීන්ට. ඒ නිසා අපි හිතනවා මේ ත‍්‍රස්තවාදියා හඳුනා ගැනීමත් එහි තිබෙන සමාජ බලවේග හඳුනා ගැනීමත්, ඒ වගේම ඒ සඳහා කි‍්‍රයාකාරීව කටයුතු කිරීමටත් අපි ඉදිරිපත් කර තිබෙනවා මේ විද්වත් පිරිසත් සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙලක්. සියළු දෙනා එකට එකතු වෙලා කි‍්‍රයාත්මක කරන්න මේකට යෝජනා ප‍්‍රති යෝජනා ඕනේ කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් ලබන 12 වෙනිදාට ඒ පිළිබඳව විවෘත සාකච්ඡාවක් කරන්න ඒ වගේම රටපුරා පළල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා.

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට, මධ්‍යතන යුගයට ඇදගෙන යන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් උනත් මේකට ඉදිරිපත් වෙනවා. මොකද අපේ දරුවන්ට හොඳ රටක් හදන්න. අපි මේ රටෙන් පැනලා යන්නේ නැහැ. විදේශ රටවල පුරවැසිකම් ගන්න යන්නේ නැහැ. මොකද අපි මේ රට හදාගන්න ඕනේ. අපේ මුළු ජිවිත කාලයේ අපි දැක්කේ ලේ. අපි දැක්කේ අනාථභාවය. අපි දැක්කේ පලායාම. ඒක අපේ දරුවන්ට ලබාදෙන්න අපි කටයුතු කළ යුතු නැහැ. ඒ නිසා තමයි අපි මේකට කැපවෙලා ඉන්නේ කියන එක අපි නැවත අවධාරණය කරනවා අපේ දේශපාලනය කවරක් උනත්. ඒ වගේම රටේ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටෙන් පැනලා යාම නෙමෙයි විසඳුම. අපි මේකට දෙපයින් නැගී සිටලා අධිෂ්ඨානයෙන් කටයුතු කරලා, සියළු දෙනාම සමගියෙන් කටයුතු කරමු. විශේෂයෙන්ම අපේ මුස්ලිම් ප‍්‍රජාවගෙන් අපි ඉල්ලනවා. සාතිශ්‍ය බහුතර ප‍්‍රමානයක් ඉන්නේ සාමකාමී අහිංසක පිරිස. හැබැයි ඔබ නිෂ්කී‍්‍රය උනොත් අපි සියළු දෙනාම අමාරුවේ වැටෙනවා. සක‍්‍රීයව ඉදිරියට ඇවිල්ලා මේ ත‍්‍රස්තවාදීන් සයින්දමරුදුවලදී හෙළිදරව් කරලා දුන්නා වගේ හැම තැනකදීම ආරක්‍ෂක අංශවලට ඒ තොරතුරු ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම සියළුම ප‍්‍රජාවගෙන් අපි නැවත වතාවක් සාමකාමීව අපේ ආරක්‍ෂක අංශවලට මෙය මර්ධනය කිරීමට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම දේශපාලනමය වශයෙන් බෙදීම්, දෝෂාරෝපණ ඒ වගේම කම්මැලිකම් එක්ක රටට තවදුරටත් ගමනක් නැහැ. සකි‍්‍රයව අපි සියළු දෙනාම මේ ගමන ගිහින් මේ අපේ දරුවන්ට හොඳ රටක් උදා කරමු යැයි පැවසීය.

 

 

Post Views: 9
Previous Post

කිරිඇල්ල ජනපතිගෙන් බැංකු දෙකක් ඉල්ලයි .. නොදුන් නිසා …. ‍(update)

Next Post

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි – මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

editor

editor

Next Post

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි - මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

2 July 2025
ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025

Recent News

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

2 July 2025
ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

ගොවීන්ට සුබ පණිවුඩයක් – වී මිල මෙන්න

2 July 2025
සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ට්‍රම්ප් කියයි

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

ඊලෝන් මස්ක්ගෙන් ලංකාවට X පණිවිඩයක්

2 July 2025
විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

විමල් ව හිරේ දැම්මොත් කරන්න යන දේ

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved