ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග පත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත අතපත්තු මහතා මහතා පවසයි. අදාළ පත්වීම අද දිනයේදී ලබා දී ඇති බව වාර්තා වේ.
පසුගිය 01 වනදා ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී ලෙස සිසිර මෙන්ඩිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබේ. සෞඛ්‍ය හේතු මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ඇත.
නමුත් අප්‍රේල් 21 වනදා සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණිමෙන් පසු හදිසියේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම සිදුවී තිබේ.