• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රොන් මඩ ප්‍රශ්ණයක් විසදන්න හිටපු ඇමැති දුමින්දගේ මැදිහත් වීමක්

10 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිරියාලේගම වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී රොන් මඩ සහිත පස් පිටස්තර පුද්ගලයින්ට ලබා දීම හේතුවෙන් ඇතිවූ ගැටලුවක් මුල් කර ගෙන වැව ප්‍රතිසංස්කරණය කිරීම අත්හිටුවීමට මහවැලි අධිකාරිය ලබා දුන් නියෝගය අත්හිටුවා නැවත වැව ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාව ලබා දීමට හිටපු කෘෂිකර්ම අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මැදිහත් වී කටයුතු කර තිබේ.

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හිරියාලේගම වැව වසර ගණනාවක් ප්‍රථිසංස්කරණය වී නොමැති අතර, වැව තුළ රොන් මඩ තැන්පත් වී වැවෙහි ගැඹුරද අඩුවී පැවතිනි.කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් අස්වැද්දීම හා ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවන් සදහා මහගු රුකුලක් වූ හිරියාලේගම වැව ප්‍රථිසංස්කරණය කරන ලෙස පැවති ආණ්ඩු හා පවතින ආණ්ඩු රැසකින් ඉල්ලීම් කලද එය ඉටු නොවීම හේතුවෙන් ගම්මානයේ ගොවි සමිති හා මරණාධාර සමිති එක්ව ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයකු වන ආරියරත්න මුදලාලී (පුහුල් චුට්ටා මුදලාලිගේ) ධන පරිත්‍යාගයෙන් වැවෙහි ප්‍රථිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කර ඇත.

වැවේ ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කරමින් වැව ගැඹුරු කිරීමේදී ඉවත් කරන රොන් මඩ සහිත පස් පිටස්තර පුද්ගලියින්ට ලබා දීමට ගොවි සංවිධානය කටයුතු කිරීම හේතුවෙන් මහවැලි නිළධාරීන් විසින් අදාළ වැවෙහි රොන් මඩ ඉවත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු උභය කල්‍යාණ කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පැමිණි අතර, එම පිරිස හමුවට ගම්වාසීන්ද විශාල පිරිසක් පැමිණ සිටියහ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සැලවු හිටපු කෘෂිකර්ම අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද එම ස්ථානයට පැමිණ නිළධාරීන්ගෙන් ගැටලුව කුමක්දැයි විමසා සිටියහ.

මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු උභය කල්‍යාණ කුමාර මහතා කියා සිටියේ වැවෙන් ඉවත් කරන රොන් මඩ සහිත පස වැව් බැම්මට දැමීම ගැටලුවක් නොවන බවත්, වැවෙන් පිටතට පස් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා නොදිය හැකි බවයි.

එවිට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් කියා සිටියේ, මහවැලියත් එක්ක අවබෝධතා ගිවිසුමක් ගොවි සංවිධානය අත්සන් කරන්න පස් පිටට අදින්නේ නෑ, වැව් බැම්මේම පස් ටික තියනවා කියලා.එතකොට ප්‍රශ්නය ඉවරයිනේ යනුවෙනි.එවිට ගම්වාසීන් අත්පොලසන් ගසා අමාත්‍යයවරයා ලබා දුන් තීන්දුව අනුමත කරනු ලැබීය.

ගමේ අයත් පොරොන්දු වෙන්න ගමේ කෙනෙකුගේ ගෙදරකටවත් පස් ටික අදින්නෙ නෑ, ඒ සියල්ලම වැවේ තියෙනවා කියලා.එහෙම නම් වැඩේ කරන් යන්න. යැයි පැවසීය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

ගමේ ගොවි සංවිධාන ඇතුළු ගම්වාසීන්ට හා ගමට ආදරය කරන ව්‍යාපාරික ආරියරත්න මැතිතුමාට අපි ස්තූතිවන්ත වෙන්න ඕන.මොකද අපේ පළාතේ ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් වැව්වල රොන් මඩ ඉවත් කිරීීම.ආණ්ඩුවට මුදල් වෙන් කරන්න මුදල් නොමැති අවස්ථාවක ගමේ අය මැදිහත් වෙලා, ගමේ මුදල් වියදම් කරලා වැවේ රොන් මඩ ඉවත් කරලා වැහි කාළයට උපරිම ජල ප්‍රමාණයක් රදවා ගන්න වැවේ රොන් මඩ ඉවත් කරලා වැව ගැඹුරු කිරීම ඉතා වැදගත්.ඒ වගේම අපි මහවැලි නිළදාරීන්ට ස්තූතිවන්ත වෙනවා එතුමලත් මේ කාරණාව පිළිඅරගෙන පස් පිටස්තරට ගෙනයාම නීත්‍යාණූකූල ප්‍රශ්නයක් නිසා පස් එළියට ගෙනයන්නේ නැතිව වැවට බාධාවක් නොවන ලෙස වැව් බැම්ම තුළ තියලා වැවේ ගැඹුර වැඩි කරගන්න අවස්ථාව මහවැලියෙන් ලබා දුන්නා.ඒ අනුව හෙට සිට වැව ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුුතු සිදු කරන්න අවස්ථාව ලැබෙනවා.

නැවත වතාවක් ගොවිමහත්වරුන් අපි ස්තූතිවන්ත වෙනවා ගොවීන්ගෙ මේ තියන එකතුව ඉතාම වැදගත්, තමන්ගේ ගම, වැව, වගා භූමිය වෙනුවෙන් මේ විදිහට සියලු දෙනාම එකතු වෙලා තමන්ගේ වැව , ගම ගැන කථා කිරීම ගැන ගොවි මහත්වරුන්ට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.විශේෂයෙන්ම මේ සඳහා මුදල් ආධාර ලබා දෙන, ගමත් සමඟ සම්බන්ධ ආරියරත්න මුදලාලිට විශේෂ ස්තූතිය පුද කරනවා.මෙවැනි දෑ සඳහා තමන්ගේ ධනය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් යැයි පැවසීය.

පුවත් වාර්තාකරණය- තිසර සමල් – එප්පාවල

 

Post Views: 12
Previous Post

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට හැකි වු බව ඇමැති අකිල කියයි

Next Post

ප්‍රාර්ථනාව එකක්…තිත්ත ඇත්ත කියන්නේ තවත් එක්ක.. – ඇමැති මංගල

editor

editor

Next Post

ප්‍රාර්ථනාව එකක්...තිත්ත ඇත්ත කියන්නේ තවත් එක්ක.. - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025

Recent News

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

කඳානේ දෙමස්සිනෝ වෙඩි කයි (video)

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved