• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නාගරික සංවර්ධනයේදී කිසිදු ජාති බේදයකින් තොරව සැමට සේවය කළ බව ඇමැති පාඨලි කියයි

13 September 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලිබල ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම නාගරික සංවර්ධන ක්‍ෂෙත‍්‍රයේ ද ජාති බේදයකින් තොරව සැමට සේවය ඉටුකළ බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මහානගර අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහනේ ප‍්‍රතිපාදන මගින්, නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ අධික්ෂණය යටතේ රුපියල් මිලියන 65 ක වියදමින් ඉදිකළ මඩකලපුව පුද්ගලික බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි ශ‍්‍රී මේ වසරේ මුල් භාගයේදී ලංකාවේ ජාතික භෞතික සැලසුම සකස් කර අවසන් කළා. එහිදී අපි ආර්ථික කොරිඩෝ 4 ක් හඳුනාගත්තා, එකක් තමයි කොළඹ කුරුණෑගල හරහා ති‍්‍රකුණාමලය දක්වා දිව යන නාගරික කොරිඩෝව. අනෙක ගාල්ලේ සිට තිස්සමහාරාමයටත්, තෙවන එක යාපනය සිට කිලිනොච්චියටත්, හතරවෙනි එක වාලච්චේනයේ සිට මඩ කලපුවටත්, එතනින් අම්පාරටත් තිබෙන එම නාගරික සංවර්ධන කොරිඩෝව. එතනදී අපි ප‍්‍රධාන උපාය මර්ගික නගර දෙකක් හැටියට මඩකලපුවත් අම්පාරත් හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා අපි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා මේ නගර විධිමත්ව ගොඩ නගා ගන්න විදේශ අරමුදල් අවශ්‍යයි කියලා. යාපනය, අනුරාධපුරය, මහනුවර සහ ගාල්ල. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල, දඹුල්ල, ති‍්‍රකුණාමලය, මඩකලපුව අම්පාර, මාතර හා රත්නපුර නගර ඒකට ඇතුල් කරන්න.

නගරාධිපතිතුමන් සඳහන් කළා වගේ අපගේ කිසිම භේදයක් නැහැ සංවර්ධනයේදී. නගරාධිපතිතුමන්, දිසාපතිතුමන්, මන්ත‍්‍රීතුමන්ලා ඇතුළු සංවර්ධන සභාව විසින් අපගේ නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර මඩකලපුව නගරයේ දියුණුව සඳහා අත්‍යාවශ්‍ය සංවර්ධන යෝජනා හඳුනාගෙන ඉදිරි සති කිහිපය ඇතුළත අපට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා. අප 2009 යුධ ගැටුම් අවසන් වූ වහාම විදුලි බල ඇමතිවරයා හැටියට මම මඩකලපු දිස්ත‍්‍රික්කයට ආවා. ත‍්‍රිකුණාමලයේ විශාල විදුලි බල මධ්‍යස්ථානයක් හැදුවා. වාලච්චේනයේ, මඩකලපුවේ විදුලි බල මධ්‍යස්ථාන ඇති කළා. මඩකලපු දිස්ත‍්‍රික්කයේ සෑම ගමක් වෙතම විදුලි ගෙන ගියා. එමගින් විශේෂයෙන්ම අපේ දූ දරුවන්ට විශාල ශක්තියක් ලබාදුන්නා. එම වකවානුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියළු රැකියා, වෙනස් වෙනත් දිස්ත‍්‍රිත්කවලට නෙමෙයි මේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෝ අයට විතරක් ලබාදුන්නා. ඒ ගැන ඔබට දැනගන්න පුළුවන් ඩී.ජී.එම්. ඔෆිස් එකට ගියහම.

අපි යාපනයට සියළු පහසුකම් සහිත බස්නැවතුම්පලක් ඉඳිකරමින් පවතිනවා. ඒ වගේම අපි බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්, නගර ශාලාවක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. අපේ නගරාධිපතිතුමාගේ ඉල්ලීමක් තිබෙනවා මඩකලපුවටත් සියළු පහසුකම් සහිත නගර ශාලාවක් ඉදිකර දෙන ලෙස. ඒ සඳහා අපේ නාගරික සංවර්ධන අධිකාරිය කැපවෙනවා. ඔබතුමාලත් ඔබලාගේ දේශපාලන අධිකාරිය මාර්ගයෙන් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, විශේෂයෙන් මුදල් ඇමතිතුමාට පණිවිඩය ලබාදෙන ලෙස.

අපේ පැරණි දෙමළ කියමනක සඳහන් වෙන දෙයක් අපගේ වැදගත් රාජ්‍ය නිලධාරියෙක් මම පේදුරුතුඩුවේ ගිය වෙලාවක මට පැවසුවා. එම කියමන මට දෙමලෙන් සඳහන් කරන්න මතක නැහැ. සිංහලෙන් සඳහන් කරනවා නම්, මුහුදේ තිබෙන ලූනුයි, කන්දේ තිබෙන දෙහියි අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ලූනුයි දෙහියි එකතු උනහම ලූනු දෙහි නමැති රසවත් ආහාරය හැදෙනවා. ඒ වගේම කන්දේ, මහනුවර ඉන්න සිංහලයොයි මඩකලපුවේ ඉන්න දෙමළ ජාතිකයොයි අතර ලොකු සංස්කෘතික සම්බන්ධයක් නොතිබ්බත් දෙගොල්ලෝ එකට එකතු උනාහම ශ‍්‍රී ලංකා මාතාව නමැති රසවත් ජාතිය ගොඩනගාගන්න පුළුවන් වෙයි. ඒ සඳහා අපි සියළු දෙනාම කැපවීමෙන් කටයුතු කරමු යැයි මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Post Views: 5
Previous Post

මේ රට හදන්න බැරිනම් හදන්න රටක් නැහැ – අනුර දිසානායක කියයි

Next Post

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත් කෙරේ

editor

editor

Next Post

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved