කෘෂි කර්ම අමාත්‍යංශයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා ගොඩනැගිල්ලක් ගැනීමේදී සිදු වු අක්‍රමිකතා සෙවීමට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දීමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමා විසින් පවසා සිටියේ සුදුසු ගොඩනැගිල්ල ගැනීමට පමණක් මිස ප්රවිණ නිලි සබිතා මහත්මිය අයත් ගොඩනැගිල්ල මිලදී ගන්නා ලෙස නොවන බවයි.
අග්‍රාමාත්‍යවරයා එම කොමිෂන් සභාවේදී වැඩිදුරටත් කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එවකට ධුරය දරන කාලයේදී කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කෘෂි කර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලක් ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසයි.
අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කොමිෂන් සභාවේදී පැහැදිලිවන පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන සුදුසු ගොඩනැගිල්ලක් ගැනීම සිදු කරන ලෙස මිසක් සබිතා මහත්මිය අයත් DPJ Tower ගොඩනැගිල්ල ගන්නා ලෙස නොපැවසු බවයි.
අද පෙරවරු 9.30 ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පැය දෙකක කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පිටව ගියේ විවාහ මංගල්‍ය උත්සවයකට අත්සන් තැබීමට අවශ්‍ය බැවිනි. ඒ අනුව නැවත පස්වරු 1.15 ට කොමිෂන් සභාව වෙත පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාව වෙත පවසා ඇති බව එහි විමර්ශන නිලධාරියා අප වෙත කියා සිටියේය.
පෙර පුවත් (පෙරවරු 9.45)අගමැති රනිල් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණෙයි
2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන වල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සිතාසි අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් ලබා ගැනීම සම්බන්ධ පැමිණිල්ලට අදාළ සාක්ෂි විමසීම සඳහා එම කැඳවීම සිදුකර තිබේ.