• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කිරීම නිසා සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව

16 September 2019
in දේශීය

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම වඩාත් විධිමත් ව හා විනිවිදභාවයෙන් සිදුකිරීමට පියවර ගැනීම සඳහා ඉතිහාසයේ ප්‍රථමවරට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පසුගිය දා අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදුන් උපදෙස් අනුව, සිසුන් 44,568කට ජාතික පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව සැලසී තිබේ.

දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල 1,5,6, සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව සහ බඳවාගැනීමේ ක්‍රමවේදය 2019-07-03 වැනි දින ජාතික පුවත්පත් මගින් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවිය මගින් සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් ප්‍රසිද්ධියට පත්කරන ලද අතර, පුරප්පාඩු පවත්නා ඕනෑම ජාතික පාසලක් වෙත අයදුම්පත් යොමු කිරීමට එමගින් අවස්ථාව ලබාදෙන ලදී.

මෙහි විශේෂත්වය වූයේ, බඳවාගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්ණායක අනුව අයදුම්කරුවන්ටම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට පෙර, තමාට හිමිවන ලකුණු සංඛ්‍යාව දැනගැනීමට අවස්ථාව සලසා තිබීමයි. මෙම අවස්ථාව නිසා සිසුන් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා වැළකෙන අතර, නියමිත සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට පමණක් අදාළ පාසල් වෙත ඇතුළත් වීමට ඉඩප්‍රස්ථාව සැලසේ.

මේ අනුව, සිංහල මාධ්‍ය සිසුන් 25,419 දෙනෙකුටත්, දෙමළ මාධ්‍ය සිසුන් 19,149 දෙනෙකුටත් දිවයින පුරා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට සැලසීමට හැකිවීම බොහෝ අභියෝග මැදින් ලබාගත් ප්‍රශස්ත ජයග්‍රහණයක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි

Post Views: 18
Previous Post

මම කිව්වේ සුදුසු ගොඩනැගිල්ලක් ගන්න මිසක් සබීතාගේ එක ගන්න නෙමෙයි – අගමැති (update)

Next Post

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් – ඇමැති හැරිසන්

editor

editor

Next Post

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් - ඇමැති හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved