27 April 2024
#දේශීය

එජාපයේ කිසිදු අර්බුදයක් නෑ – ඇමැති රවි

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම්කාරී ස්වභාවයක් උද්ගතවෙලා වී ඇති බව ඇතැම් අය පැවසුව ද එක්සත් ජාතික පක්ෂය තුළ ඒ ආකාරයෙන් කිසිම අර්බුදයක් නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වනදා කොටහේන ඓතිහාසික පරමානන්ද විහාරස්ථානයේ පැවති 53 වෙනි වාර්ෂික පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “ජනාධිපති අපෙක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂය තුළ සාර්ථකව කටයුතු සිදු වෙමින් පවතිනවා. ඉතාමත් මෑතකදී ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වේවි. මේ වනවිට පක්ෂය තුල සාකච්ඡා ගණනාවක් පැවැත්වෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගෙන, ඒවා මුදුන්පත් කරදීමටත්, රට වෙනුවෙන් සිතා රට බේරාගැනීමටත් තමයි මේ ආකාරයෙන් අපි සැලසුම් කරන්නේ “යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *