• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලබා දීමට ගැන අගමැති අතර සාකච්ඡා

18 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ මාධ්‍ය අභිමුවෙහි දේශපාලන පක්‍ෂ කාර්යයන් ප්‍රසාරණය කරලීමේ නූතන අභියෝගයන් පක්‍ෂ ක්‍රියාකාරීන් පුහුණු කිරීම, සාමාජිකයන් බලසතු කිරීම, සාමාජිකත්වය අතරේ පුද්ගල සබඳතාවන් ශක්තිමත් කිරීම ආදී කටයුතුවල දී කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලබා දීමට සුදානම් බව චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික සහ චොංඡිං නාගරිකයේ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් චෙන් මිනර් මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති සමීප සබඳතාවය, දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, ශක්තිමත් කිරීමටත් පාදක වූ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික සහ චොංඡිං නාගරිකයේ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් චෙන් මිනර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

චීන කෙමියුනිස්ට් පක්‍ෂයේ හා කොමියුනිස්ට් පක්‍ෂ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් අද (18) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

ජනාධිපති ෂි ජින් පිං ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ‘එක් මාවතක් – එක් තීරයක්’ වැඩපිළිවෙලෙහි සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අගය කළ චෙන් මිනර් මහතා කාර්මික හා කෘෂි කාර්මික නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කිරීම සඳහා චොංඡිං නාගරිකයේ ආයතන සූදානමින් සිටින බව ද පැවසීය.

චොංඡිං නාගරිකය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කරලීමේ අවකාශයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්‍රවෙමින් පවතින බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අනාගත ආසියානු අභියෝග පිළිබඳව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය. ඉන්දීය සාගර කලාපය ආසන්න රටවල් ජනගහන හා ආර්ථික දෙඅංශයන්ගෙන්ම වැඩි වර්ධනයක් පෙන්වමින් සිටින බැවින්, එකී කලාපීය රටවල වෙළඳපොළ අවශ්‍යතා සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඉන්දීය සාගර කලාපයේ තිරසර සාමය ස්ථාවර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ආර්ථික වර්ධනය, සමාජ සහ සංස්කෘතික ප්‍රවර්ධනය, අන්තර් පුද්ගල සබඳතා සහ ගෝලීය ස්ථාවරත්වය යන ක්ෂේත්‍රයන් ශක්තිමත් කරලීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලීම සුදුසු බවය.

සමාජ මාධ්‍ය අභිමුවෙහි දේශපාලන පක්‍ෂ කාර්යයන් ප්‍රසාරණය කරලීමේ නූතන අභියෝගයන් පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය යොමු කෙරිණි. පක්‍ෂ ක්‍රියාකාරීන් පුහුණු කිරීම, සාමාජිකයන් බලසතු කිරීම, සාමාජිකත්වය අතරේ පුද්ගල සබඳතාවන් ශක්තිමත් කිරීම ආදී කටයුතුවල දී කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලබා දීමට තමන් සූදානම් බව ද චෙන් මහතා පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙත උපරිමයෙන් සහය ලබා දීමට හැම විටම ක්‍රියා කරන බව ද චෙන් මහතා අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්‍ෂ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ගව් යෙඡූ, චොංඡිං නියෝජ්‍ය නගරාධිපති හා චොංඡිං නාගරික ස්ථාවර කමිටු සාමාජික වූ කන්රොං, චොංඡිං නාගරිකයේ කමියුනිස්ට් පක්‍ෂ මහලේකම් වං ෆූ, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂුයෙයුවාන් ඇතුළු චොංඡිං නාගරිකය හා චීන කොමියුනිස්ට් පක්‍ෂ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජිත මහත්ම මහත්මීන් චීනය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්වූහ.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, එක්සත් ජාතික පක්‍ෂ යොවුන් පෙරමුණු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහත්වරු ශ්‍රී ලංකාව නියෝජනය කළහ.

 

Post Views: 0
Previous Post

OPPO A Series 2020 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Next Post

මෛත්‍රි ඉරිසියාවට කියපු දෙයක් ගැන මහින්ද හෙළි කරයි

editor

editor

Next Post

මෛත්‍රි ඉරිසියාවට කියපු දෙයක් ගැන මහින්ද හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved