• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාව ලබන 16 දින විජයග්‍රහණය කරනවා – දුමින්ද කියයි

21 October 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ලබා දුන් සියළුම ඡන්ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙසත්,එළැඹෙන නොවැම්බර් මස 16 වැනි දින ගෝඨාභය රාජපක්ෂ මහතා විජයග්‍රහණය කරවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මේ බව ප්‍රකාශ කළේ 2019 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන මිහින්තලා ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලා ආසන බල මණ්ඩලය අමතමිනි.

එහිදී දිසානායක මහතා කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණ කළ පසු හදන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වගකීමක් දරන බවයි.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා, ” දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තියෙන වගකීම මොකක්ද?දැන් ඔබතුමාලා දන්නවා සමහර වෙලාවට අපේ අයට තාමත් බැරි වුණා පොහොට්ටුවේ කට්ටියත් එක්ක හිනා වෙන්න සම්බන්ධ වෙන්න තාම පොඩි අමාරුකමක් තියෙනවා.හැබැයි දැන් අපිට වගකීමක් තියෙනවා කරන්න.යුතුමක් තියෙනවා අපිට කරන්න.අපට මඟ අරින්න පුළුවන්කමක් නෑ.එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය ප්‍රාදේශී සභා මැතිවරණයේ ඒ ලබා දුන් සියළුම ඡන්ද ටික අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලබා දෙන්න ඕනකම තියෙනවා.මොකද එහෙම වුණොත් තමයි ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නේ.දැන් ඔබතුමාලා දන්නවා එතුමාට ඡන්ද ලක්ෂ 50ක් තිබුණා.අපට ලක්ෂ 15යි.තව සුළුපක්ෂ ටිකත් එකතු වුණාම අපට ලක්ෂ 17ක් තිබුණා.එතකොට 15 කොච්චර ලොකු වුණත්.මේ 17 නැතුව දිනන්න පුළුවන්කම තියෙනවා ද?එහෙමනම් නොවැම්බර් මාසේ 16 වැනිදා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව දිනවන්නේ අවසානේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාලා තමයි රටේ ජනාධිපතිවරයා හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කියන එක අපි ඉතාමත් ආඩම්බරයෙන් කියනවා.ඒ නිසා ඔබතුමාලා ඒ වැඩේ කරන්න සූදානම් වෙන්න කියලා අපි මතක් කරනවා.ඒ වගේම තමයි 16 වෙනදායින් පස්සේ මොකක්ද වෙන්නේ .16 වෙනිදායින් පස්සේ ඔබතුමාලා බය වෙන්න එපා.ඒ මොකද පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ ලබන මාර්තුවෙනකන් බෑ. .එහෙමනම් ලබන මාසේ 16 වෙනදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණ කරාට පස්සේ ඒ හදන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වගකීමක් දරනවා කියන එකත් අපි මතක් කරන්න ඕනකම තියෙනවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශ්‍රාම ගියාට, තාවකාලිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සියළු මන්ත්‍රීවරු ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු සංවිධායකවරු ටික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සියළු පළාත් සභා මන්ත්‍රීවරු ටික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටික මේ හැමෝම ආණ්ඩුවේ පාර්ශ්වකාරයෝ වෙනවා.එහෙම නැතුව මේ 16 වෙනිදා ජයග්‍රහණය කරලා අත පිහිද ගෙන පැත්තකට වෙලා ඉන්න නෙවේ.ඒ නිසා ගමේ පහුගිය කාලේ අපිට වැඩක් කර ගන්න බැරි වුණානම් අපි ආණ්ඩුවෙන් අයින් වුණාට පස්සේ අපිට හයියක් නැති වුණානම්,මේ 16 වැනිදායින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයෙන් පස්සේ නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු ඔබතුමාලා ආණ්ඩුවේ කොටස්කාරයෝ කියන එක අපි කියන්න ඕනකම තියෙනවා යැයි වැඩිදුරටත් පැවසීය.

තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ මෙම ආසන බල මණ්ඩල රැස්වීම සදහා මිහින්තලා ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා, මිහින්තලා ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුලු දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 9
Previous Post

සජිත් අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් – ඇමැති කිරිඇල්ල

Next Post

රටේ තීන්දු තීරණ ගන්නේ ජනතාවයි – චන්දීම කියයි

editor

editor

Next Post

රටේ තීන්දු තීරණ ගන්නේ ජනතාවයි - චන්දීම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved