දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (21) බෙලිඅත්ත නගරයේ පැවැති ජනහමුවක් අමතමින්.
දෙමළ ජාතික සන්ධානය දෙපාර්ශවයකට කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි කීවත් සිය පාර්ශවයට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව හෙතෙම පැවසිය. මහින්ද රාජපක්ෂ
මහතා කියා සිටියේ එලෙස කොන්දේසි වලට එකඟවීමේ කිසිදු අවශ්‍යතාවක් ද නැති බවයි.
සියල්ලටම වඩා ප්‍රමුඛතාව ලැබිය යුත්තේ රටට බව පැවසූ රාජපක්ෂ මහතා රට බෙදන්නට කිසිවකුටත් ඉඩතැබිය නොහැකි බවත් පැවසීය.
උතුරු පළාත සංවර්ධනය වූයේ සිය පාලන කාලයේ බව සිහිපත් කළ රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීම හැර උතුරේ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නැත බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.