මේ මොහොතේ රටට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයකු බවත්, මෙවර ඡන්දයේ වැදගත්කම මරණ මංචකයේදී පවා සතුටු විය හැකි ආකාරයට භාවිතා කළ යුතු බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
ඊයේ කළුතර පැවති යුතුකම සංවිධානයේ ජනහමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ හ.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.
“උතුරු නැගෙනහිර පුරා විද්‍යා ස්ථානවලින් විශාල ප්‍රමාණයක් මහ මුහුදට ඇඳලා දාලා තියෙන්නේ.
මේ පාර වෙනසත් අපි නොකරගත්තොත් ඒ ටිකත් අපිට නැතුව යයි.
රනිල්ට බුදුන් වඳින්න එන්න කිව්වාම ප්ලාස්ටික් මල් අරන්, බුද්ධ පූජාවට තියන්න හොට් ඩොග් අරන් එයි.
ඒ වගේ චරිත..
මේක තමයි 48න් පස්සේ රට ගැන හිතන ඡන්දෙ. 48න් පස්සේ දරුවා ගැන හිතලා දෙන ඡන්දෙ. 48න් පස්සේ ශාසනය ගැන හිතලා දෙන ඡන්දෙ.
මේ තමයි ජීවිතේ මැරෙන වෙලාවට කල්පනා කරලා සතුටු වෙන්න තියන ඡන්දෙ.
එහෙම නොදුන්නොත් මේ ඔක්කොටම අඬන්න වෙනවා.
මම මේක කිසි තැනක කියලා නැහැ..ගෝඨාභය දැක්මක් තියෙන මනුස්සයෙක්.
වැඩක් භාර දුන්නොත් වැඩක් හැටියට කරන මනුස්සයෙක්. එවැනි නායකයෙක් අපිට ඕනේ.
රටට ආදරය කරන අයෝමය නායකයෙක් අවශ්‍යයි.”
* සටහන : අකලූෂ විද්‍යාතිලක