සියලූ ජාතීන්ට සැබෑ සහජිවනයෙන් ජිවත්වීමේ පරිසරය උදාකරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ මඩකලපුව සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (11) පැවති ජන හමුවක් අමතමින්.
සහජිවනය ඇති කරනවා කියමින් සහජිවනයෙන් සිටි ජනතාව බේද කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇතැයිද ඒ මහතා එහිදී පැවසීය.
17 වැනිදා ඔබ පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගහන්න. දාහත් වැනි දා ඉඳලා ඒ අලි කරදරේ ඉවර කරලා ඔබට අවශ්‍යතාවයක්ව තිබෙන පාලම හදාදෙන්න අපි කටයුතු කරනවා යැයි රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කර සිටියේය “මේ ප්‍රදේශයේ වැඩිදෙනෙක් ජීවත් වෙන්නේ ගොවිතැන, ධීවර කර්මාන්තය වැනි කර්මාන්ත වලින්. ඒවගේම අපි දන්නවා, ආබාධිත, ඒ වගේම වැන්දඹු කාන්තාවන් රැසක් මේ ප්‍රදේශයේ සිටිනවා. ඒ සියලූම දෙනාට ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකිම දාහත් වෙනිදායින් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සකස්කරන බව අවස්ථාවේදී සදහන්කළ යුතුයි. වත්මන් රජය ජනතාව පිට බදු පිට බදු දැමීමේ පීඩනය විදින්නේ කාන්තාවයි. කාන්තාව ආර්ථික අතින් ශකිත්මත් කර, පිඩනයකින් තොරව නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ වගේම දරුවන්ගේ කුස පුරවන්නේ කොහොමද කියා ලතැවෙමින් නොසිටින, සිරිකතක් බවට පත්කිරීම අපේ රජයක ප්‍රධාන වගකිමක් කොට සලකනවා. මේ රජය ඇවිත් අපේ සිරිකත ණය කතක් කළා. අපි නැවතත් මේ ණය කත සිරිකතක් බවට පත්කරනවා.
ඒ කාලේ යම් යම් සංවර්ධන කටයුතු රැසක් මේ ප්‍රදේශය වෙනුවෙන් අපට කරන්න පුළුවන් වුණා. නමුත් තවත් අත්‍යවශ්‍ය වැඩ රාශියක් ඔබ වෙනුවෙන් ඉෂ්ට කරන්න තියෙනවා. අපි 2000 ඉදලා මේ ප්‍රදේශ වලට වැඩ කලා. මේ රටේ වැඩි දෙනෙක් කල්පනා කරා අපේ ආන්ඩුවේ සංවර්ධන වේගය මදි කියලා. ඒ අය හිතුවේ අපි ඉදිරිපත් කරන සංවර්ධන සැලසුම් වේගවත් මදි කියලයි. ඒ නිසා 2015 ජනවාරි 8 වෙනිදා වෙනසක් ඇති කරන්න ඔබ සියලූ දෙනා ඡන්දෙ දුන්නා ඒත් වුනේ මොකද්ද. ඔබ වෙනුවෙන් නගන හඬ මර්ධනය කරන්න කටයුතු කළා මිසක් ඔබේ හඬට ඇහුම්කන් දීලා ඔබලාගේ ප්‍රශ්න විසඳන්න මේ ආණ්ඩුව කටයුතු කළේ නෑ. අද ගොවියාට සාධාරණ මිලකට බීජ ටික ගන්න නෑ. සාධාරණ මිලකට පොහොර ටික ලබාගන්න හැකියාවක් නෑ. වගා ප්‍රවේශම් කරගන්න විදිහක් නෑ. අලි ඇවිත් වගාව විනාශ කරලා යනවා. ගොවිතැන රැකගෙන, ලැබෙන අස්වැන්න විකුණගන්න සාධාරණ මිලක් හෝ වෙලෙද පොලක් නැහැ. මේ ආන්ඩුවට ඔබේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න පුලූවන්කමක් නැහැ. ඔබ උදේ පාන්දර ඡන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම ඉදිරියෙන්, පොහොට්ටුව ඉදිරියෙන් කතරය ගහලා, 16 වෙනිදා එතුමාව ජනාධිපති කරන්න. දාහත් වෙනිදා ඉඳලා නැවතත් ගොවි මහතුන්ට අවශ්‍ය පෙහොර ඇතුලූ සහන සියල්ලක්ම ලබා දෙන්න අපි කැප වෙනවා කියන එක මේ අවස්ථාවේදී කියනවා. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා, මේ ප්‍රදේශයට විදුලිය දුන්නාට, විදුලි ලාම්පුවක් වීථි ලාම්පුවක් හයි කරලා නෑ. ඒ වගේම ඔබගේ ආගමික කටයුතු කරන කෝවිලත්, අපි හදපු පෙර පාසලත් අද අබලන් වෙලා. ඒ සියල්ලටම වැඩිය ඔබට යන්න එන්න තියෙන පාලම ඉදිකර දිම ප්රමුඛ අවශ්‍යතාවයක් විදියට අපි දකිනවා. ඔබ ගංවතුර කාලයට විදින දුක ගැන අපිට අවබෝධයක් තිබෙනවා. ඔබේ සියලූ කරදර අවසන් කරන්න අපි මූලිකත්වය ගන්නවා. ඔබ පොහොට්ටුව ඉදිරියේ ඔබේ ඡන්දය සලකුණු කරන්න. දාහත් වැනි දා ඉදලා නැවත මේ ගම වගේම රටත් සශ්‍රීක කර ඔබට අවශ්‍ය සියලූම පහසුකම් සැපයීමේ වගකීම අපි බාර ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. යැයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මයෝන් මුස්තාපා, විමලවිර දිසානායක, ශී‍්‍රයානි විජේවික්‍රම සයින්දරවර්දු නායගිරික මන්තී‍්‍රවරුන්ද මේ අවස්ථාවට එක් විය.