27 April 2024
#දේශීය

දේශප්‍රේමීත්වය කියන්නේ පපුවට අතින් ගහගන්න එක නෙමෙයි – අනුර කියයි

ගහ කොල පරිසරය මහපොලව අයිති අපිට පමණක් නොවන බවත් එය සතා සිව්පාවටත් අයිතියි දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා පානදුර පැවැති ජන හමුවක් අමතමින් කියා සිටියේ දේශප්‍රේමිත්වය කියන්නේ පරිසරය මුළුමනින්ම විනාශ කරමින් හවසට කුරහන් කන එක හරි ඇඟේ සාටකයක් දාගන්න එකහරි පපුවට අතින් ගහගන්න එක හරි නොවන බවයි.

රටේ නීති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට නමුත් බොහෝ නීති සම්පාදනය වෙන්නේ අපේ රටේ ජනතාවගේ උවමනාව අනුව නොවන බව දිසානායක මහතා කියා සිටියේය. අද නීති සම්පාදනය වන්නේ අධිරාජ්‍යවාදී රටවල බලපෑමට අනුව බව හෙතෙම අනාවරණ කළේය.

අපේ රටේ ජනතාවගේ පරිසරයේත් ආරක්ෂාව පිණිස ශක්තිමත් නීති පද්දතියක් ස්ථාපිත කරන බවටත් මේ සියල්ල කිරීමට නම් ජනතාව අපට බලය දිය යුතු වනවා. මේ 16 වෙනිදා උදයෙන්ම ඡන්ද පොලට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාව ජයග්‍රහණය කරවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රටේ සෞභාග්‍ය පරිසරය හා අනාගත පරපුර වෙනුවෙන් ඔබ ඔබේ වගකීම හා යුතුකම ඉහළින්ම ඉටුකරන බව දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *