කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට මෙතෙක් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.
මේ පිළිබඳ TTVnews.lk වෙබ් අඩවිය විසින් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගෙන්ම විමසීමක් කල ද දුමින්ද දිසානායක මහතා ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදුන්නේය. දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඉදිරියෙදී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ධුරයන් ලැබුණත් ආයතන නිසි ලෙස නොලැබුණ බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ජයසේකර මහතා පැවසිය.
අදාළ බලධාරින් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව හෙතෙම කියා සිටියේය. අප කල විමසීමේදී ඔහු සිනාවෙන් පවසා සිටියේ ලබන මාර්තුවල සිය ධූරවල කටයුතු කරන බවයි.
ජනාධිපතිවරණයෙදී රජුන් තැනුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා පවා ප්රසිද්ධීයේ පවසා තිබේ. ජයග්රහණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධරණයක් කිරීමට කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දු පවා වී සිටියෙය.
නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර අත්සන් කල අවබෝධතා ගිවිසුම කඩ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පවසා තිබේ.
පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේ දයාසිරි සහ දුමින්ද පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීම යම් ආකාරයේ හේතුවක් බවයි. ඔවුන් බොහෝ විට පිල් මාරු කරමින් කටයුතු කරන පිරිසක් බවත් යම් අවධානයක් ඇතිව ඔවුන් සමඟ කටයුතු කළ යුතුව ඇති බව කතාබහක් ඇතිව ඇති බව වාර්තා වේ.
දිලිනි සමන්මලි