• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මඩකලපුව විශ්වවිද්‍යාල කඩිනමින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කරනවා – ජනපති

6 December 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා වූක්‍රියාමාර්ග කඩිනමින් සිදු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (05) අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය. මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩ නොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතුකර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපති පෙන්වා දුන්නේය.

තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමයකට කඩිනමින් ගමන් කළයුතුය. එහිදී විභාගය කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති ඉසිළිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසියයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කම ද පැහැදිළි කෙරිණි.

අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රැකියා විරහිත උපාධිධාරින් පුරප්පාඩු ඇති ආයතනවලට ගැළපෙන අයුරින් පුහුණුකර ඒ සඳහා යොමු කිරීමට කඩිනමින් පියවර ගතයුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

2018 වසරේ උසස් පෙළ සමත් දරුවන් හැකි ඉක්මණින් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කිරීමට පියවර ගත යුතුව ඇත. එමෙන්ම 2019 වසරේ සිට උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වී කෙටි කාලයක් තුළ දරුවන් වීශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමට ක්‍රියා කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

උසස් පෙළ සමත් සැම දරුවකුටම විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබාදිය යුතුව තිබේ. එමෙන්ම කෙටි කාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රම බලකාය බිහි කිරීමට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.

රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල්‍ ආරම්භ කිරීමට ක්‍රියා කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්ව විද්‍යාල වෙත ලබාදී මට කාලය එලැඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළයුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගා සිටුවීමට ක්‍රියා කළයුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශ්ව විද්‍යාල ආරම්භ කිරිමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඒ සඳහා විශාල භූමි භාගයන්හි පිහිටා ඇති ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතුව තිබේ. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අය කෙටි කාලයකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික ක්‍රියාවලියට එක් කර ගැනීම ද ඉතා වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු රට තුළදිම ලබා ගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. ගුරු හිඟය පියවීමට පියවර ගැනීමටත්, පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නොකර අනිවාර්යයෙන්ම පවත්වා ගෙනයාමට ක්‍රියාකළ යුතුය. අධ්‍යාපනක්ෂේත‍්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළයුතු බව ද මෙහිදී සාකච්ඡාවට ගැනිණි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 6
Previous Post

තරුණ පිරිස ගෝඨාභයට බය වු‍ණේ නෑ – ඇමැති බන්දුල

Next Post

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

editor

editor

Next Post

අධිකරණ ඇමති හා එක්සත් අරාබි එමීර් තානාපතිවරයා අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved