• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නොවිසදුන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්ණ ගැන ඇමැති ඩලස්ගේ අවධානය

17 December 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිගුකලක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නොවිසඳී පැවති ගුරු හා විදුහල්පති සේවයට අදාළ ගැටළු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා අදාළ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ගුරු හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තීය සංගම් රැසක් අද (17) පෙරවරුවේ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහිදී ශ්‍රී ලංකා ගුරු සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය සංවෘත සේවාවන් බවට පත්කිරීමත්, එම සේවාවන් සඳහා සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කරන ලද අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සම්බන්ධ කරුණු මෙහි දී වෘත්තීය සංගම් විසින් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදී.

එසේම ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී, විශේෂයෙන් ම පසුගිය මැතිවරණ සමයේ ඒ සම්බන්ධ ව සිදුව ඇති අක්‍රමිකතා සොයාබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් රහස් පොලිසියේ ද සහාය ඇතිව මේ වනවිටත් පියවර ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් ගුරුසංගම් නියෝජිතවරුන් විසින් මතුකළ කරුණකට අදාළව අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

පාසල්වල මුදල් එකතු කිරීම්, පාසල්වල ලිපි ලේඛන කටයුතු, කොල පිරවීම් බහුල වීම ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් වී ඇති නිසා ඒවායින් ගුරුවරුන් ඈත්කොට අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒ සදහා යොමුකරවීම, ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තීය සංගම් නියෝජිතවරුන් අමාත්‍යවරයා හමුවේ කරුණු දක්වා ඇත.

වසර ගණනාවකට පසු අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මෙවැනි සාකච්ඡාමය අවස්ථාවක් ලබාදීම සම්බන්ධ ව වෘත්තීය සංගම් නියෝජිතවරුන් අමාත්‍යවරයාට සිය කෘතවේදීත්වය ද පළ කරන ලද අතර, ඔවුන්ගේ වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් සාධාරණත්වය ඉටුවේයැ’යි අපේක්ෂා කරන බව ද සඳහන් කළහ. තමා අමාත්‍යධූරය භාරගෙන තවමත් ගතව ඇත්තේ දින කිහිපයක් පමණක් වන බවත්, මේ සම්බන්ධව හොඳින් අධ්‍යයනය කර ඉතා ඉක්මණින් අදාළ තීන්දු තීරණ, විසඳුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද අතීතයට නොව, වර්තමානයට හා අනාගතයට වගකියමින් එම තින්දු තීරණ වෙනුවෙන් පෙනී සිටින බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ලංකා ගුරු සංගමය, විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව, විදුහල්පති වෘත්තීකයින්ගේ සංගමය, සමස්ත ලංකා ගුරු උපදේශක වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් ද අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

ධම්මිකට ඇති නිදහස අයිතින් ඉල්ලන අපිට නෑ – ලහිරු කියයි

Next Post

උපාධිධාරීන්ට රැකියා .. ජනමාධ්‍යවේදීන්ට පුහුණු මධ්‍යස්ථානයක් – ඇමැති ලක්‍ෂ්මන් කියයි

editor

editor

Next Post

උපාධිධාරීන්ට රැකියා .. ජනමාධ්‍යවේදීන්ට පුහුණු මධ්‍යස්ථානයක් - ඇමැති ලක්‍ෂ්මන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved