• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ බැරිනම් ගෙදර තමයි… – ජනපති රාජ්‍ය සේවකයින්ට කියයි

1 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව හෙතෙම පැවසිය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (31 ) පෙරවරුවේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවදීය.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතුය. සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

රාජ්‍ය සේවය පිළිබඳ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම ලක්ෂ 15 ක් වන සමස්ත රාජ්‍ය සේවයකයන්ගේ ප්‍රමුඛ වගකීමකි. එහිදී විවෘත සංවාද, සාකච්ඡා සහ නොසඟවා ගැටලු ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොදුනාරටිය හෙයින් බව ජනාධිපතිවරයා පැවසීය.

රාජ්‍ය සේව සියලු අක්‍රමිකතා බැහැර කළ යුතුය. දෛනික ජන ජිවිතයට වැදගත්වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇතැයි හෙතෙම පැවසිය.

රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බව පැවසූ ජනාධිපතිවරයා යළි කිසි දිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව ද අවධාරණය කළේය.

අල්ලස් ගන්නන් සේම, දෙන්නන් ද නීතියේ රැහැනට හසු කර ගැනිමට අපේක්ෂා කෙරේ.

විදේශීය ආයෝජකයන් තුළ මෙන්ම සමස්ත ලෝකයේම රට පිළිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩි කළ හැක්කේ ද රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙනි. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල නිරත ජනතාව උපයන ආදායමෙනි. එහෙයින් සමස්ත ජනතාවට කාර්යක්ෂම සහ පවිත්‍ර රාජ්‍ය සේවයක් ලබාදීමට සියලුම සේවකයන්ගේ ප්‍රමුඛ වගකිමකි.

මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේ දී දත්ත ජාල ගත කිරීම, නව තාක්ෂණික ක්‍රමෝපාය අනුගමනය කිරීම මෙන්ම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කෙරිණි.

ජනාධිපතිවරයාගේ චාරිකාවෙන් අනතුරුව වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්ව ද සමාලෝචනයට ලක් විය.

රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ දී කළ යුතු වෛද්‍ය පරීක්ෂණය ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය. එම ක්‍රමවේදයේ සංකීර්ණභාවය පැහැදිළි කළ ජනාධිපතිවරයා සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව පෙන්වා දුන්නේය. එම පරීක්ෂාව ද රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමට තීරණය කෙරිණි. පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

මතුව ඇති ගැටලු ඉතා කෙටිකලකදී නිරාකරණය කරමින් ජනතාව අපේක්ෂා කරන ප්‍රශස්ත සේවාව ලබාදීමට කැපවන ලෙස ජනාධිපතිවරයා විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

මහින්ද අමරවීර, දිලුම් අමුණුගම යන අමාත්‍යවරුන් ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරු සහ ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ආයතන කිහිපයක නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

ඔබ සැමට සුභ නව වසරක් වේවා …! TTV මාධ්‍ය ජාලය

Next Post

රාජකාරිය කරනකොට FB සැරිසරන්න එපා – භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල

editor

editor

Next Post

රාජකාරිය කරනකොට FB සැරිසරන්න එපා - භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved