ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කෘෂි කර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ආචාර්ය මංජුල පී. සුමිත් මාගමගේ මහතා පත් කරනු ලැබිණි.
ආචාර්ය මංජුල පී. සුමිත් මාගමගේ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය වේදය පිළිබඳ විශේෂ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වසර 20 ක පමණ කාලයක් සේවය කරන පශු වෛද්‍ය විද්‍යාව, සත්ත්ව පාලනය, සත්ත්ව නිශ්පාදනය, සත්ත්ව ප්‍රජනන ජෛව තාක්ෂණය සම්බන්ධව මනා ප්රවීණත්වයක් ඇති කේෂත්රයේ විශේෂඥයෙකි.
ජපානයේ කෝබේ විශ්ව විද්‍යාලයේ සිය දර්ශන ශූරී සහ දර්ශනපති උපාධිය ලබාගත් ඔහු ඇමරිකාවේ නෙබ්බ්‍රස්කා විශ්ව විද්‍යාලයේ ,කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලය, ඉන්දියාවේ ජාතික සත්ත්ව ජෛව තාක්ෂණ ආයතනය සහ ඉන්දියාවේ පශු පර්යේෂණ ආයතනය වැනි ආයතන වල සිය පර්යේෂණ කටයුතු මෙහෙයවූ විෂය ප්රවීණයෙකි.
පශු සම්පත් සංවර්ධනය පිළබඳව සහ රටේ පශු නිෂ්පාදන සංවර්ධනය සම්බන්ධව විශාල උනන්දුවක් දක්වා ඇති ආචාර්ය මාගමගේ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ.
දිලිනි සමන්මලි