එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස හට ලබා නොදෙන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහගෙ සමීපතයා අප වෙත කියා සිටියේ ඊයේ (29 ) රාත්‍රියේ පැවැතී සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සජිත් හට දැනුම් දීමක් සිදු කර ඇත බවයි. එසේම පක්ෂ නායකත්වය මෙන්ම මහලේකම් තනතුර ද සජිත් පිලේ කිසිවෙකුට ලබා නොදීමට තීරණය වු බව රනිල් වික්‍රමසිංහගේ සමීපතයා අප වෙත කියා සිටියේය.
එසේම අද පැවැත්වෙන සාකච්ඡාවේදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් අද පැවැත්වෙන එක්සක් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තීරණාමක එකක් වනු ඇති.
කෙසේ වෙතත් මේ වන විට සජිත් පිලේ 35 දෙනෙකු අද පැවැත්වෙන රැස්වීම වර්ජනය කරනු ඇති බව විවිධ මාධ්‍ය ඔස්සෙ වාර්තා කර සිටි.
නමුත් එය වර්ජනයක්ද එසේ නොමැතිනම් රැස්වීම මඟ හැරීම සඳහා කරනු ලබන උපායක් යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. කෙසේ වෙතත් එම සාකච්ඡාව මඟ හැරීමට හේතුව ඔවුන් සඳහන් කර නොමැති බව දැන ගන්නට ඇත.
රනිල් වික්‍රමසිංහගේ සමීපතයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පැවැති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස හට පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය ගෙන ඉදිරි මැතිවරණයට යාමට කටයුතු කරන ලෙසයි. නමුත් එජාපයේ නායකත්වය ඔහුට ලබා නොදෙන බව පවසා ඇති බව දැනගන්නට ඇත.
දිලිනි සමන්මලි