එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම තීරණය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව මහලේකම්වරයා කියා සිටියේය.
ජාතික සමගි බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පැවසුවේ හංසයා ලකුණ මහමැතිවරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතින බවයි.
මේ සම්බන්ධයෙන් සන්ධානයට සම්බන්ධ සියළුම දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර සන්ධානය සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගි බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී රවී කරුණානායක යන මහත්වරු සහභාගී වී සිටියහ.
දිලිනි සමන්මලි