• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ගේ වැඩ රාජපක්ෂලාගේ උවමනාව අනූව – මනූෂ

8 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස නිර්මාණය කිරිමට කෘත්‍යාධීකාරී මණ්ඩලයේ අනුමැතිය තිබියදී රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය බෙදී වෙන්වී මහ මැතිවරණයට තරග කරන්නේ රාජපක්ෂවරුන්ගේ උවමනාව අනුව බවත්, මේ වන විට රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ගේ පදයට එක්සත් ජාතික පක්ෂය නටවන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ගාල්ලේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවීම සදහා බද්දෙගම ප්‍රදේශයේදී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙමින් කණ්ඩායම් රැස්වීම පවත්වමින් ඔහු විමසා සිටියේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයේ සමගි ජන බලවේගය යටතේ තරග කරනවාද, නැතිනම් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් තරග කරනවාද යන්නයි. එහිදී ගම් මට්ටමේ ජනතාවගේ අදහස වූයේ ලකුණ කුමක් වුවත්, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තරග කළ යුතු බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මෙසේද පැවසුවේය.
මේ කරලා තියෙන්නේ සදාචාර විරෝධී වැඩක්. අවිනීත වැඩක් කරලා තියෙන්නේ. සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා, සන්ධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබාදීලා, තමයි කටයුතු කළේ.  සන්ධානයේ මහ ලේකම්වරයා විදියට රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයාත් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගත්තා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් හා සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවා. අවසානයේදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවේ අර්බුද තිබෙනවා කියමින්, අලියා ලකුණ දෙන්නම් හංසයා ලකුණ දෙන්නම් කියලා මුලාවේ දාලා තියෙනවා. මේක පිළිකුල් සගත ක්‍රියාවක්.
මේ ආකාරයට රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය වෙනම තරග කරන්නේ රාජපක්ෂලාගේ උවමනාව ඉටු කිරීමටයි. ජනාධිපතිවරණයෙන් පසුව ආසන එකසිය පනහක් ගන්න පුලුවන් කියලා රාජපක්ෂ කදවුරේ අය උදම් ඇණුවා. හැබැයි මෑත භාගය වන විට මන්ත්‍රී ආසන 113ක් ගන්න බැරි තත්වයකට රාජපක්ෂවරු පත්වෙලා තියෙනවා. ඉතාමත් සීඝ්‍රයෙන් ජනතා අප්‍රසාදයට පත්වූ ආණ්ඩුව බවට රාජපක්ෂ ආණ්ඩුව පත්වී තිබෙනවා. 
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිතිවරයා ගේ ආණ්ඩුව වේගයෙන්ම පිරිහීමට ලක්වූ ආණ්ඩුව බවට පත්ව තිබෙනවා.  මේ වෙලාවේ සමගි ජන බලවේගය වටා පක්ෂ, සන්ධාන සියල්ල එක්වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බිද දැමීමට අපි ගන්නා උත්සාහය වැලැක්වීමට තමයි මේ ආකාරයට බෙදිලා තියෙන්නේ. රාජපක්ෂලාගේ උවමනාව නිසා තමයි රනිල් වික්‍රමසිංහ දැන් බෙදිලා තරග කරන්න හදන්නේ.
මේකට තමයි රාපක්ෂලා රනිල් වික්‍රමසිංහට පොලීසියෙන් දෙසීයක්  දුන්නේ. විපක්ෂ නායකයාට කාර්යාල පහසුකම් ලබා‌ නොදෙන විට, රනිල් වික්‍රමසිංහට කොළඹින් කාර්යාල දෙකක්, පාර්ලිමේන්තුවේ කාර්යාලයක් දුන්නේ රාජපක්ෂලාට සමග තිබෙන දේශපාලන ඩීල් එක නිසයි. රාජපක්ෂලාට අවශ්‍ය ආකාරයට එක්සත් ජාතික පක්ෂය හැසිරවීමට තමයි මේ ආකාරයට විපක්ෂ නායකවරයාට ලබාදෙනවාඩ වැඩියෙන් පහසුකම්, වරප්‍රසාද ලබාදී තිබෙන්නේ. මේ සිද්ධ වෙලා තිබෙන්නේ, රාජපක්ෂලාගේ න්‍යායපත්‍රය අනුව එක්සත් ජාතක පක්ෂය හැසිරවීමයි.  
එක්සත් ජාතික පක්ෂය, විසිපස් අවුරුදු සාපයෙන් බේරා ගැනීමට සජිත්‌ ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමට අත්වැල් බැදගන්න කියලා අපි ආරාධනා .කරනවා .  පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, අපේක්ෂකයින්ට, කොට්ඨාශ සංවිධාකයින්ට, රටේ සමස්ත ජනතාවට අපි ආරාධනා කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට අපි සමග අත්වැල් බැදගන්නා ලෙසයි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කරනවා කියලා දැන් නොයෙක් තර්ජන කරන බවට තොරතුරු ලැබෙනවා. 
 
මේ ආකාරයට පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා, ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන්න අපි ඉඩ ලබාදෙන්නේ නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නිර්මාණය කරපු සන්ධානයක් සමග එකතු වුනා කියලා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට හැකියාවක් නෑ. 
 
 කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව කටයුතු කළා කියලා කිසිදු නීතිමය පියවරක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට හැකියාවක් නැහැ. මේ නිසා බය නැතිව සමගි ජන බලවේගය සමග එකතුවෙන්න කියලා අපි ආරාධනා කරනවා.  මේ ආණ්ඩුව පරද්දලා, පාක්ෂිකයින්ගේ, රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. 
Post Views: 1
Previous Post

එජාපය කඩන්න දෙන්නේ නෑ … අලියා ලකුණින් තරඟ කරන්න එකතු වන්න – රුවන් කියයි

Next Post

අප්‍රේල් 26 ඉර පායන්නේ මහින්ද අගමැති ලෙස දිවුරුම් දීලා – ප්‍රේමලාල් කියයි

editor

editor

Next Post

අප්‍රේල් 26 ඉර පායන්නේ මහින්ද අගමැති ලෙස දිවුරුම් දීලා - ප්‍රේමලාල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දීමට පියවර

7 July 2025
වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

වාහන ගෙන්වීම ගැන දැන් ලැබුණු රතු එළිය !

7 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

භාතියට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

7 July 2025
‘මැරෙනවා’  ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

‘මැරෙනවා’ ‘මරනවා’ ලෙස පටලගත් කොමිසම – මහේෂිගේ දුවත් අත්අඩංගුවේ (video)

7 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved