අද (22) වන විට කොරෝනා වෛරසය ආසාදනයවූවන් තවත් 11 ෙදෙනෙකුු හමුව ඇති අතර සිව්දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 104 දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
අද වන විට පුද්ගලයින් 210 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
පුද්ගලයින් 7 දෙනෙක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ ම අද දිනයේ වාර්තා වූ රෝගීන් 11 දෙනා සමග ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 310 ක් ලෙස ඉහළ ගොස් තිබේ.
මේ අතර දිගින් දිගටම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වීමත් සමග එම ප්‍ර දේශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. මේ අනුව අප ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට දාහකට අධික පිරිසක් මෙම ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ය.
කෙසේ වෙතත් මේ නිසාම මෙතෙක් වාර්තා වු ඉහළට කොරෝනා ආසාදිතයින් ගණන පෙරේදා(20) දිනය තුළ වාර්තා විය.
ඒ ආසාදිතයින් 33 ක් ලෙසය.
පිළියන්දල රෝගියෙක් හමුවෙයි – මැනිං මාර්කට් එක වැහෙයි
පෙරේදා දින අවසන් වරට හමුවු ආසාදිතයන් වාර්තා වුණේ පිළියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලින් වන අතර එයින් පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වූ අයෙකු බව වාර්තා වෙයි.
අනෙක් පුද්ගලයා බොරලැස්ගමුව ප්‍රදේශවයේ පදිංචි කරුවෙකි.
මෙම මත්ස්‍ය වෙළඳාමේ නියුතු තැනැත්තා ට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව අනාවරණය වීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ මෙම ආසාදනය වූ තැනැත්තා පෑලියගොඩ මාළු වෙළඳ පළට ආවගිය අයෙකු බව දැන ගැනීමත් සමගය.
ඒ අනුව අද(22) දිනයේ සිට දින 3 ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳසැල වසා තැබෙන බව වෙළඳ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපතිවරයාද පවසා සිටියේ, පිළියන්ද ප්‍රදේශයෙන් ඊයේ(21) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.
එම ආසාදිත පුද්ගලයා මාළු වෙළෙන්දෙක් වන අතර පසුගිය 18 වන දින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට ඔහු පැමිණ ඇතැයි ද තහවුරු වී තිබෙන බව දැන ගැනීමට ලැබුණ බවද ඒ මහතා පැවසීය.
ඒත් සමඟ මාළු ලෑලි 3ක් අද දිනයේ වසා දමා ඇති බවත් ඒ අනුව දින තුනකට මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තිරණය කළ බවත් ඔහු කියා සිටියේය.
සියලු දෙනාට PCR පරීක්ෂණ !
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණ සියලු දෙනාට අද (22) දින PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු වන ලෙස දැනුම් දුන් බවත් ඔහු පැවසීය.