27 April 2024
#විදෙස්

කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි – WHO අනතුරු අඟවයි

කොවිඩ්-19’  වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් මේ බව සඳහන් කරන අතර ඒ ස්විට්සර්ලන්තයේ  ජිනීවා නුවර දිනපතා  පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.

ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.

ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ඔහු පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *