සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.
ඒ අනුව 115 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන්න නියමිතය.
මේ සම්බන්ධව එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ජන හමු අවස්ථා කිහිපයක අදහස් දැක්වූ අතර සමගි ජනබලවේගය වෙත ගිය පිරිස වෙත තවදුරටත් එජාපය තුළ ස්ථානය හිමි නොවන බවත් අවධාරණය කෙරිණ.