27 April 2024
#දේශීය

මැතිවරණ පැමිණිලි ප්‍රමාණය ඉහළට

ගතවූ පැය 24 තුළ අගෝස්තු 05 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව  පැමිණිලි 164 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වාර්තා වන ආකාරයට  ඉන් පැමිණිලි 155 ක්ම ලැබී ඇත්තේ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙතය.

එසේම තවත් පැමිණිලි 09 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇත. 

මේ අනුව යෝජිත  මහ මැතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5,400 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කර සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ නීති කඩකිරීමේ පැමිණිලි තවදුරටත් ඉහළ යාමක් සිදුවිය හැකි බවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *