27 April 2024
#දේශීය

ළමා ආරක්ෂණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩි අවධානය යොමුවේ

ළමා  අපයෝජනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ පමණක් ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි 47,177ක් ලැබී ඇති බව එහිදි අනාවරණය වී තිබේ.

ඒ ඊයේ (27) ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කළ රැස්වීමකදීය.

එහිදී ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

එම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සහයෝගය ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවය.

එසේම  මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් එලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *